රේගුව අද සිට අකුරට වැඩ අරඹයි.


මුදල් ඇමති රවී කරුණානායකගේ මැදිහත් වීමෙන් ගෙන ඒමට සූදානම් වන නව රේගු පනතට විරෝධය පළකරමින් රටපුරා සියලුම රේගු නිලධාරීන් අද (19) සිට අකුරට වැඩ කිරීමට තීරණය කර තිබේ.

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අටක් ඒකාබද්ධව මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළ, වරයා ඇතුළුව රටපුරා පිහිටි සියලුම රේගු දෙපාර්තමේන්තුවට අයත් ගුදම්වල මෙහෙයුම් කටයුතු මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග සාමාන්‍ය කටයුතුවල ප්‍රමාදයක් සිදු වනු ඇති බව පැවසේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රේගු මාණ්‌ඩලික නිලධාරී සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය, සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු පරීක්‍ෂකවරුන්ගේ සංගමය, ඇතුළු වෘත්තීය සමිති අටක් එක්ව තිබේ.

ගෙන ඒමට සූදානම් වන නව රේගු පනත තුළින් රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අක්‍රීය කොට අස්ථාවර කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමතිවරයා සූදානම් වන බවත් ඔහු කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක්‌ නැතැයි ද නව රේගු පනත් කෙටුම්පත පිළිබඳ විධිමත් සාකච්ඡාවක්‌ ලබාදෙනතුරු ඇමැතිවරයා සමඟ කිසිදු සාකච්ඡාවකට එක්‌ නොවන වෘත්තීය සමිති නායකයින් පවසයි. 

රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාද රේගු නිලධාරීන් නොමඟ යවමින් ඇමැතිවරයා සමඟ එක්‌ව නව පනත ගෙන ඒමට වක්‍රාකාරව කටයුතු කරන බැවින් මෙම රේගු පනත සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් රජයේ පැහැදිලි ස්ථාවරයක් බලාපොරොත්තු වන බවත් මෙම පනත හකුළා ගන්නා තුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්‌ඩව සිදුකරන බවත් ඔවුහු පවසති.

Share on Google Plus

0 comments:

Post a Comment