පියුමි නිසා හරීන් CIDයට.


අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි එකට සිටින බවට හැඟවෙන පින්තූරයක් මේ දිනවල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එම පින්තූරයේ ඇමතිවරයා සහ නිළිය එකට සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් මෙම පින්තූරය සබැ පින්තූරයක් නොවන බවයි මේ වන විට හෙළිවී තිබෙන්නේ.

මෙම පින්තූරය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද පින්තූරයක් බවයි මේ වන විට තොරතුරු අනවරයන වෙමින් පවතින්නේ.

එම නිසා මේ පින්තූරය අන්තර්ජාලයට නිකුත් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව මේ සිදුවීම පිළිබඳව ඉදිරියේදී අපරාධපරික්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි වාර්තාවන්නේ.




Share on Google Plus

0 comments:

Post a Comment