මහින්ද නැත්නම් අපි ඔක්කොම ආණ්ඩුවේ



ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නොපැමිණියේනම් මහින්ද පිලේ සිටින සියල්ලෝම අද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් බව විමල් වීරවංස මහතා පවසයි.

ඔහු පැවසූවේ අද පැවති මහින්ද පිලේ රැස්වීමකදී ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ පසුගිය පාර්ලිමේන්ත මැතිවරණයේදී ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණියේද මහින්ද රාජපක්ෂ මහතාගේ පිහිටෙන් බවත් මේ වනවිටද මහින්ද රාජපක්ෂ සමග සිටි බොහෝ පිරිසක් මෛත්‍රී-රනිල් වටා එකතු වී ඇති බැවින් පැවති මැතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ නොසිටියේනම් විමල් වීරවංස, උදය ගම්මන්පිල, වැනි බොහෝ පිරිසක් අද පාර්ලිමේන්තුවට හෝ පැමිනීමට නොහැකි බවත් ය. 

කුමන හේතුවක් මත හෝ ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණියානම් අනිවර්ය යෙන්ම ඔවුන් අද මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ සිටිනු දක්න්නට හැකි වනු බවත් ඔවූහු වැඩිදුරටත් පවසති.


Powered by Blogger.