දුමින්ද සිල්වා ඇතුළු 5කට මරණ දඬුවම : Update


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් විය.

ඒ අනුව හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 5කට මරණ දඬුවම නියම කර තිබේ.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළේය. 

නමුත් ඉන් පසු පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව ප්‍රකාශ කළහ.

ඒ අනුව එම පස් දෙනාට මහාධිකරණ විනිසුරුවරු දෙදෙනා විසින් මරණ දඬුවම නියම කළහ.


Share on Google Plus

0 comments:

Post a Comment