නාමල්ගේ භාරත, පසුපස මාරයන් පන්නයි.


රාජපක්ෂ සමයේදී නොයෙකුත් අපරාධ සිදුකිරීම නිළලත් යුධ හමුදා නිළධාරියකු මෙන්ම මේ වන විට වැඩ තහනම් කොට ඇති කපිතාන් භාරත කොඩිතුවක්කු ඝාතනය කිරීමේ මෙහෙයුමක් මේ වන විට අනාවරණය වී තිබේ.

නිදන් හැරීම, පුද්ගලයන්ට පහරදීම්, පැහැර ගැනීම් ආදී සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවකු ලෙස චෝදනා ලැබ අධිකරණයේ ඇප මත නිදහස් සිටින මොහුට, පසුගිය 30වනදා රාත්‍රීයේ මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලදී රාත්‍රී 7.50පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමට උත්සහ දරා ඇත.

එහෙත් ටී56 ගිණි අවිය ක්‍රියාත්මක වී නොමැති අතර, මොහු ජීවිතය බේරාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල වත්තට පැනගෙනය.

ඉන් පසුව ඔහුව පොලීසියට බාරකොට ආරක්ෂාව සහිතව පිටත් කර යවා ඇත.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසුව 31දා  උදෑසන දෙවිනුවර කුරුඳුවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙහි ක්‍රීඩා පිටියේ දී වෑන් රථය අත් හැර දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මොහු රාජපක්ෂ සමය තුළ සිදුකළ ඝාතන රැසක තොරතුරු දන්නා නිසා මොහු පසුපස රාජපක්ෂ අවතාර සැරිසරණ බවට සැකයක් උද්ගත වී ඇත.

භාරත සහ ඔහුගේ මල්ලී වන මුර්ති නාමල් රාජපක්ෂගේ අගසව් ලෙස පසුගිය කාලයේ ජීවත්ව ඇත.

භාරත පසුගිය ආණ්ඩුවේ තුන්වන ගැමුණු හේවා බලඇණියේ මාතර යුධ හමුදා කඳවුරේ අණදෙන නිළදාරියාද වේ.

(ලංකා ඊ නිව්ස්)

Share on Google Plus

0 comments:

Post a Comment