රනිල් සහ මහින්ද එකම වෙලාවට රටින් යයි. - Info Sri Lanka News | Sinhala

රනිල් සහ මහින්ද එකම වෙලාවට රටින් යයි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (01) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අලුයම 1.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද අලුයම මැලේසියාව බලා පිටත්ව ගියා. අලුයම 1.10 ට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මැලේසියාව බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඊට ලොහාන් රත්වත්තේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.



Share on Google Plus