මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලි වැඩේ (Photos)



සුනිල් ආරියරත්න ගේ අලුත් චිත්‍රපටය තමයි මේ ‘අලි කතාව’

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අගෝස්තු 09 වනදා සුනිල් ආරියරත්න මහතාගේ බොල්ගොඩ නිවසේ දී පැවැත්වුණා.

සාහිත්‍යවේදිනියක් වන ලෙටීෂියා බොතේජු ගේ ‘අනූෂා සහ රජකුමරු’ - යොවුන් නවකතාව තමයි මේ අලි කතාවට පාදක වෙලා තියෙන්නේ.

කතාව ගැන කෙටියෙන් සඳහනක් කලොත් කැලේ ඇතිදැඩිවන කොලු පැටියෙකුත් අලි පැටියෙකුත් වටා ගෙතුණු කතාවක් තමයි මෙහි අන්තර්ගත වී ඇත්තේ.
මේ අලි කතාව 2017 අවුරුද්දේ දී රිදී තිරයෙන් අපට දැකගන්නට ලැබේවී.

අලි කතාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රාජු නම් අලි පැටියා. ඒ වගේම ප්‍රධාන ළමා චරිත කෞෂල්‍ය ප්‍රනාන්දු සහ ‍යොහානි හංසිකා විසින් නිරූපණය කරනු ලබනවා.

රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නි අරච්චි ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා සෙසු චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය ගුණපාල රත්නසේකර, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනය විශාරද නන්දා මාලිනී, රොඩ්නි වර්ණකුල. යන මහත්ම මහත්මින් දායකවන අතර මෙය සිප්වින් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්.

ඒ වගේම මෙම මාධ්‍ය දැනුවත්කිරීමේ වැඩසටහනින් අනතුරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම විසින් , ලැටීෂියා බොතේජු මහත්මිය සිහි කරමින් ඇය වෙනුවෙන් සිදුකරන පුණ්‍ය කටයුත්තක් ලෙස මරණින් මුදාගත් ගවයෙකු නිදහස් කරනු ලැබුවා.

අලි කතාව ගැන තවත් රසවත් තොරතුරු ‍ඉදිරියේදී ....

(Mirror Arts)






Share on Google Plus

0 comments:

Post a Comment