නිදහස් පක්ෂයේ 65 සංවත්සර අදයි - ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට.


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සැමරුම අදට යෙදී තිබේ. මේ වෙනුවෙන් වන  උත්සවය අද (04) පස්වරුවේ කුරුණැගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර  මෙම සංවත්සර උත්සවයට අතිවිශාල පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන බව පක්ෂ මුලස්ථානය පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ශ්‍රී ලනිප සම්මේලනයෙන් පසු ආණ්ඩුව සමග එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නොවන මන්ත්‍රීවරු බණ්ඩාරනායක ප්‍රතිපත්ති විවේචනය කිරීමත් සමග ඇතිවූ මතභේද සමග මෙසේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිය ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස් නොවී පක්ෂය සමග කටයුතු කිරීමට නියමිතව ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment