ශ්‍රීලනිපයට අදට 65යි.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහි වී අදට (02 වැනිදා) වසර 65 ක්‌ සපිරේ.

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ශ්‍රීලනිපය බිහි කළේ 1951 වසරේ අද වැනි දිනයකය.

ලොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඔස්‌සේ බිහි වූහ.

අදට යෙදෙන ශ්‍රීලනිප 65 වැනි සංවත්සරය වෙනුවෙන් ඊට අදාළ සැමරුම් උළෙල අනිද්දා (04 වැනිදා) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේදී ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිssරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Powered by Blogger.