විමල් වීරවංශගේ බිරිඳට හෙට (30) නඩු.


ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු හා ලේඛන ඉදිරිපත් කරමින්, අවිධිමත් ආකාරයට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට හෙට (30) නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහි පැමිණිල්ල හෙට දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීර්ඝ කටඋත්තරයක් ලබාදෙමින් කියා ඇත්තේ විදෙස් ගමන් බලපත්‍රය සඳහා වූ ඉල්ලුම් පත්‍රය සිය සැමියා වන විමල් වීරවංශ විසින් සිය අත්අකුරෙන් පුරවන ලද අතර ඊට අදාල ලිපි ලේඛන සියල්ල සකසා දෙනු ලැබූයේ සිය සැමියා විසින් බවයි.

එහෙත් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට විරුද්ධව නඩු පැවරීමක් සිදු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග තහවුරු කර සිටී.

Share on Google Plus

0 comments:

Post a Comment