ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 30ක්‌ ලොව මවිත කරති.


ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ විද්‍යාඥයන් තිහක්‌ පමණ යුරෝපය ඇතුළු විදෙස්‌ රටවල නව සොයා ගැනීම් සිදු කරමින් සිටින බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ පසුගිය 30වන දා පැවති සාකච්ඡාවකදී හෙළිවිය.

බුද්ධි ගලනය යටතේ මීට වඩා පිරිසක්‌ විදෙස්‌ රටවල්වලට ගොස්‌ විශිෂ්ට හා අග්‍රගණයේ නව සොයා ගැනීම් සිදු කරන බවද එහිදී හෙළිවිය.

පසුගිය කාලයේ පැවති යුද්ධය හා බුද්ධිමතුන්ට ශ්‍රී ලංකාව තුළ සිය දක්‍ෂතා දැක්‌වීමට පරිසරයක්‌ නොමැතිවීම නිසා මෙම විද්‍යාඥයන් විදෙස්‌ගත වී ඇති අතර ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්‌වා පළමුවරට කොළඹදී පැවැත්වෙන විද්‍යා හා තාක්‍ෂණ ශ්‍රී ලංකා සම්මන්ත්‍රණයට (STS Forum) මෙම ශ්‍රී ලංකා විද්‍යාඥයන් ඇතුළු රටවල් විසිතුනක විද්‍යාඥයන් ඇතුළු ආරාධිතයන් හත්සියයක්‌ එක්‌වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජපානයේ කියාතෝ නගරයේ පැවති වාර්ෂික ජපාන STS සම්මන්ත්‍රණයට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන්ද විද්‍යා හා තාක්‍ෂණයෙන් සන්නද්ධ කරමින් නවෝත්පාදන රටක්‌ බවට පත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment