දේශීය ආදායමේ කෝටි 200ක කොමිස්‌ මගඩියක්?


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගමකට ලබාදී එම සමාගමට වාර්ෂිකව කොමිස්‌ මුදල් වශයෙන් රු. කෝටි 200 කට ආසන්න මුදලක්‌ ගෙවීමට නියමිත බව දැනගන්නට ඇතැයි ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

අදාළ සමාගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලියට සහභාගි වීම වෙනුවෙන් එම අතිවිශාල කොමිස්‌ මුදල් ලබා දීමට යන බවත් ඊට තමන් දැඩි විරෝධය පළ කරන බවත් එම වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

මේ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා ඇතත් තවමත් තමන්ට සාකච්ඡාවක්‌ ලැබී නැති බවද. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැනුවත් කර ඇති බවද එම නියෝජිතයෝa කියති.

පසුගිය අගෝස්‌තු 29 දින සියලු පාර්ශව කැඳවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබුණත් එය පසුව හේතුවක්‌ නොදන්වාම අවලංගු වූ බවද ඔවුහු තවදුරටත් කීහ.

Share on Google Plus

0 comments:

Post a Comment