ඩේසි ආච්චිත් පොලු තියන්න පටන් අරන්.


මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආච්චි වී සිටින, ඩේසි ෆොරස්ට් හෙවත් පුංචි ආච්චි තම මුණුබුරන්ගෙන් ඉගෙන ගෙන, ණයට ගත්ත සල්ලි වලට පොලු තැබීමට පටන් ගෙන ඇතැයි පොලිස් වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පුංචි ආච්චි මෙසේ ණය ගෙවීම පැහැර හැර ඇත්තේ බොරැල්ලේ පොලී පාලිත නැමැති අයෙකුටය. රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ ඉඩමක් ගැනීමට කියා ඩේසි ෆොරස්ට් බොරැල්ලේ පොලී  පාලිතගෙන් රුපියල් ලක්ෂ 300ක් ණයට ලබාගෙන තිබේ. ඊට අදාල පොලී මුදල් කලට වේලාවට ගෙවූ පුංචි ආච්චි ටික කලක සිට පොලී ගෙවීම පැහැර හැර තිබේ. ඒ පිළිබඳව ණයට දුන් තැනැත්තා විමසූ විට පවසා ඇත්තේ ‘FCID කාරයො නිසා තියෙන ඉඩමක් කඩමක්වත් විකුණා ගත නොහැකි බවයි'

මේ පිළිබඳව විමසා බැලූ විට හෙලිදරව් වූයේ ඈට අයත් කිසිදු ඉඩමක් විමර්ශණ අවසන් වන තෙක් විකිණිය නොහැකි ආකාරයට පොලිස් මූල්‍ය කොට්ඨාශය විසින් අවහිර කර ඇති බවයි.

ඊයේ පෙරේදා ඩේසි ආච්චිට උසාවියේ පෙනී සිටින ලෙසටද සිතාසි නිකුත් වී තිබුනාය.

ඈ සතුව තිබූ මිලියන 21 මුදලක් පිළිබඳව FCID කළ ප්‍රශ්න කිරීම්වලදී ඈ පවසා සිටියේ ‘අදුනන මුස්ලිම් මුදලාලි කෙනෙක් මැණික් පාර්සලයක් ගෙනත් දුන් බවත් තවත් කෙනෙක් පැමිණ අදාළ මුදල ලබාදී එම මැණික් පාර්සලය රැගෙන ගිය බවයි.' එවිට FCID නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේ අදාල මුදල් සමන්විත වූයේ 2000 නෝට්ටුවලින්ද? 5000 නෝට්ටුවලින්ද ? යන්නයි. ඩේසි ආච්චිගේ උත්තරය වී ඇත්තේ සියළුම මුදල් 5000 නෝට්ටුවලින් ලැබුණු බවයි. එවිට FCID නිලධාරීන් පෙන්වා දී ඇත්තේ 5000 නෝට්ටු ඒ කාලයේ මුද්‍රණය කොට නොතිබූ බවයි. එයින් බේරීම සඳහා ඩේසි ආච්චි පවසා ඇත්තේ ‘5000 සහ 2000 කොල එකවර අදුනා ගැනීමට තරම් මහලු තමන්ට නොහැකි බවයි'.

මේ පිළිබඳව FCID නිලධාරීන් පවසන්නේ ඩේසි ෆොරස්ට් හෙවත් පුංචි ආච්චි සහ යෝෂිත රාජපක්ෂ මුණුපුරා පලමු වරට එකිනෙකා දැක ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය තුලදී බවයි.

1923 උපන් ඩේසි ෆොරස්ට් දැනට 93 වියේ පසුවන අතර, ඇයට රාජපක්ෂ මුනුපුරන් විසින් පුද්ගලික ආරක්ෂාව සපයා තිබේ.  පොලිසි ගානේ ගොස් තමන් වෙනුවෙන් කට උත්තර දී වෙහෙසීම සම්බන්ධයෙන් ඇයගේ ප්‍රියතම පානය වන ‘Remy Martin' බ්‍රැන්ඩි බෝතලයක් එකක් ඉවර වෙනකොට එකක් ගනනේ රාජපක්ෂ මුණුබුරන් විසින් සපයා දෙන බව කියවේ.

-LNW

Share on Google Plus

0 comments:

Post a Comment