ලෝකයේ වේගවත්ම මිනිසාගෙන් ශ‍්‍රී ලාංකිකයින්ට ජාතික ගීය ගැන පාඩමක් (Video)


නැවත වතාවක් ලෝකයේ වේගවත්ම මිනිසා කියලා ඔප්පු කරන්න උසේන් බෝල්ට් පසුගියදා පැවති ඔලිම්පික් මීටර් 100 ධාවන තරඟයේදී සමත්වුණා. එයට තවත් සාක්ෂි සපයමින් අද පැවතී මීටර් 200 තරඟයේදීද ඔහු ප‍්‍රථම ස්ථාන හිමි කරගත්තා.

උසේන් බෝල්ට් තරඟ අවසානයේදී ඔලිම්පික් ක‍්‍රීඩා උත්සවයේ මාධ්‍ය කණ්ඩායමක් සමඟ කල සාකච්ඡුාවක් අතරතුරදී එයට හදිසියේම බාධා කරමින් සීරුවෙන් සිටගත්තා.

ඒ ක‍්‍රීඩාංගණය දෙසින් ඇමරිකානු ජාතික ගිය වාදනය වීම නිසයි. විශේෂත්වය වන්නේ ඔහු ජැමයිකානු ජාතිකයෙකු වුවත්  ඕනෑම රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතය වන ජාතික ගීයට ගරු කිරීමට තරම් නිහතමානි වීමයි.

බොහෝවිට ක‍්‍රීඩකයෙකුගේ විනය කොතරම්දැයි මෙවැනි අවස්තාවකදී මනාවට නිරුපනය වනවා.



Share on Google Plus

0 comments:

Post a Comment