මෛත‍්‍රීටත් උරුම මහින්දගේ ඉරණම ෆයිල් කතාවේ ඇතුල් පැත්ත (Video)



"ඔය අද අපිට විරුද්ධව වැඩකරන අපිත් එක්කම හිටපු පිරිසට මම කියන්න කැමති ඒ හැමෝගෙම ෆයිල් මගේ ලඟ තියනවා. ඒවා පාවිච්චි කරන්නේ නෑ මම ඒවා පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි මම ” 

මේ කතාව කියන්නේ 2014 නොවැම්බර් මාසේ මුල් සතියේ දවසක. ඒ කතාව පිටවෙන්නෙත් එසේ මෙසේ මනුස්සයෙක්ගේ කටින් නෙවෙයි. එවකට රටේ රාජ්ය නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කටින්. රටේ රාජ්ය නායකයෙක් මේ වගේ ප්රකාශයක් සිදුකරන්නේ තමන්ගේ පක්ෂේ ඉඳන් තනතුරු,වරදාන,වරප්රසාද භුක්ති විඳිමින් යහමින් රටේ ජනතාවගේ සම්පත් පරිහරණය කරලා පස්සේ බෙදන හැඳි සම්බන්ධයෙන් ඇතිවුණ ප්රශ්නයක් නිසා පිල් මාරු කරලා තමන්ට විරුද්ධව වැඩ කරන දේශපාලඥයන් පිරිසකට එරෙහිවයි.

ඒ කාලේ බොහොම ආන්දෝලනාත්මක කතාවක් වෙච්ච මේ ෆයිල් කතාව එක්කම බැඳුන අනිත් වචනය වුනේ ”දේශපාලන ඞීල්” කියන එකයි. එතකොට මහින්ද රාජපක්ෂ තමන්ට හිතවත් වෙලා ඉන්නකල්  ඕනෑම කෙනෙක්ට  ඕනෑම දහජරා වැඩක් කරන්න දෙන සහ තමන් එක්ක තරහා වුණාම ඒ දහජරා වැඩවලට අදාල තොරතුරු දඩමීමා කරගෙන අදාල පුද්ගලයන් බ්ලැක් මේල් කරන දෙකයි පනහේ දේශපාලනඥයෙක් ගණනට වැටුණා කියන එක ඒ කාලේ බරපතලම ප්රශ්නයක් වුණා. රාජපක්ෂ මහත්මයාගේ මේ ෆයිල් කතාවට බයවෙලා පිරිසක් තමන්ගේ තීරණ තාවකාලිකව වෙනස්කලා කියන එකත් පිළිගන්න  ඕන. ඒත් එක රාජ්ය නායකයෙක්ගේ පැත්තෙන් ගත්තම කොචරම් නින්දත කතාවක්ද කියන එක වගේම ඡුන්ද දායකයෝ වශයෙන් මෙවැනි එළිපිට හෙළුවෙන් කරන සෙල්ලම් වලට උඩගෙඩි දීම සම්බන්ධයෙන් ජනතාවටත් බොහෝ කළකිරීම් ඇතිවෙන සිදුවීමක් බවට පත්වුණා.

දෙවැනි කතාව ඇහෙන්නේ ඊට අවුරුද්දයි මාස නවයකට පස්සේ හරියටම 2016 නොවැම්බර් 19 වෙනිදා. ඒ කතාව මෙහෙමයි. ”ඔය හෙට අනිද්දා අලූ‍තෙන් පක්ෂ හදලා මේ ආණ්ඩුව පෙරලන්න හදන අයට කියන්න කැමතියි, එහෙම කරන්න හදන අයගේ සියළුම දේ එළිකරලා පාරේ බැහැලා යන්න බැරි තැනට පත්කරනවා” මේ කතාව කියන්නේ ලංකාවේ වත්මන් රාජ්ය නායකයා වෙන මෛත්රීපාල සිරිසේන මහත්තයා. මේ කතාව කියන්නෙත් තමන් නායකත්වය දරණ පක්ෂේ අතෑරලා විරුද්ධව පක්ෂයක් බලවේගයක් ගොඩනගාගන්න හදන පිරිසටයි. මුලින් කියපු කතාවේ සහ දෙවනියට කියපු කතාවේ ලොකු වෙනසක් නෑ. දෙකේදිම කරන්නේ තමන්ට පක්ෂව ඉන්න තාක්කල් හොරුන්,තක්කඩින් ආරක්ෂා කරනවා කියන එකත් තමන්ට විරුද්ධ වුණාම ඒවා ආයුධ කරගෙන පහරදීලා විනාශ කරනවා කියන තර්ජනය විතරයි. එතකොට මේ රාජ්ය නායකයෝ දෙන්නගේ තියන වෙනස මොකක්ද කියලා මේ රටේ මොළයක් තියන  ඕනම මිනිහෙක්ට තේරෙන්න  ඕන කාරණයක්.

වෙනසකට තියෙන්නේ මහින්ද රාජපක්ෂ කලින් කියපු ෆයිල් කතාව කියන්නේ තමන්ගේ පාලනයේ දහවැනි අවුරුද්දේ හෙවත් පාලනයේ අන්තිම කෙළවරදී වීම සහ මෛත්රීපාල සිරිසේන මේ කතාව කියන්නේ තමන්ගේ පාලනයේ යන්තම් දෙවනි අවුරුද්දේදී වීම. හැබැයි මහින්ද රාජපක්ෂට මෙවැනි කතා නිසා අත්වෙච්ච ඉරණම වුණේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වෙලා ඊට පස්සේ පැවැත්වුණ මහ මැතිවරණයත් පරාජයට පත්වෙලා පල්ලම් බහින්න. එතකොට මේ වගේ ප්රකාශයක් නිසා මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරගන්න යන්නෙත් ඒ දේමද කියලා තර්ක ශාස්ත්රය පැත්තෙන් රතු එළියක් පත්තුවෙනවා. 

මෛත්රීපාල සිරිසේන මහත්මයා වගේම අගමැති රනිල් වික්රමසිංහ මහත්මයා නිතරම කියන කතාව තමයි මේ ආණ්ඩුව තව අවුරුදු පහක් යනකල් පෙරලන්න බෑ කියලා ව්යවස්ථාව ගැන දන්න  ඕනම කෙනෙක් දන්නවා කියන එකයි. ඒත් ඒ දෙන්නටම අමතක දේවල් මිනිස්සුන්ට අමතක වෙන්න බෑ. ඩඞ්ලි සේනානයකට අගමැතිකම අතෑරලා වතුරවිල ආරණ්යයට ගිහින් මහණවෙන්න වෙන තැනට පත්වුණේ ව්යවස්ථාව වත්, ඡුන්දයක්වත් නෙවෙයි. ඒ 1953 ලංකාව දෙදරවපු මහජන හර්තාලය නිසා. 2002 දී පොදු පෙරමුණු ආන්ඩුවට ගෙදර යන්න වුනේ 2001 මහ මැතිවරණයක් තියලා අවුරුද්දක් යන්නත් කලින්, ඒ වගේම 2004 දී රනිල් වික්රමසිංහට අගමැති කමෙන් යන්න වුනේ 2002 මහ මැතිවරණයක් තිබිලා අවුරුදු 2ක් යන්නටත් කලින්, ව්යවස්ථාව ඒ සම්බන්ධයෙන් වෙනස්වුනත් ජනබලය කියන දේට  ඕනෑම සර්වබලධාරී මහරජෙක් යටයි කියන එක අමතක කරන්න බෑ. ඒක මහින්ද රාජපක්ෂ වගේම මෛත්රීපාල සිරිසේන සහ රනිල් වික්රමසිංහ හොඳින්ම දන්න කාරණයක්. හැබැයි මහින්ද රාජපක්ෂ සහ මෛත්රීපාල සිරිසේන කියන දෙන්නම මේ බලපෑම් කරලා බ්ලැක් මේල් කරන්න හදන්නේ එකම පිරිසක් කියන එකත් අමතක කරන්න බෑ.

මිනිස්සු යහපාලන ආන්ඩුව ගේන්නේ දේශපාලනයේ ඞීල් සංස්කෘතිය එතනින් නවතීවි කියන බලාපොරොත්තුව එක්ක. ඒත් මේ ආන්ඩුවේ රාජ්ය නායකයා විසින් තමන්ගේ පක්ෂය කියන බෝඞ් ලෑල්ලට කරතියන්න ගත්ත අ¥රදර්ශී තිරණය එක්ක ජනතාවගේ බලාපොරොත්තුවලට දවස ගානේ පයින් ගහන විදිහ දකින්න පුළුවන්. එවැනි තත්ත්වයක් යටතේ මෛත්රීපාල සිරිසේන ජනපතිවරයාගේ ප්රකාශය එක්ක ජනතාවට දැනුන එකම දේ මේ ජරාජීර්ණ දේශපාලනය අතුගාලා දාන්න වත්මන් ආන්ඩුවටත් වුවමනාවක් නෑ කියන එකයි. හැබැයි ජනතාව අතරේ මේ මතුවෙමින් තිබෙන කසු කුසුව එක්ක ජනාධිපතිවරයාට වගේම ආන්ඩුවටත් දෙන පණිවිඩය තමයි සම්මුතිවාදය ජනතාවට නුහුරු වුනත් දේශපාලනයේ ඇති කුණු ගොඩවල් ජනතාවට හොඳට පුරුදුයි කියන එක. ඒ හරහා ජනතාව දෙන පණිවිඩය තමයි රාජපක්ෂට අත්වුණු ඉරණම කුමක්ද, ඒ ඉරණම මෛත්රීපාල සිරිසේනට වගේම මේ ආන්ඩුවටත් එච්චර දුර නෑ කියන එකයි.



Share on Google Plus

0 comments:

Post a Comment