රනිල් මෛත්‍රී යුවළටත් වෙන දේ කියන මහින්දගේ සම්පූර්ණ කතාව - (VIDEO)


ඊළග වතාවේ පාරට බසින්නේ යන්න මෙයි අරගෙන යන්න බවත් මෙය පෙරහුරුවක් පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පාද යාත්‍රාවේ රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

"මේ ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාව තමයි කොළඹ ලිප්ටන් වටරවුමට එක්වෙලා තියෙන්නේ. එදා අපි මෙතිනන් පටන්ගෙන කතරගම පුදබිමට ගියේ. එදත් මර්දනය තිබුණා. එදා ප්‍රේමදාස මහත්තයා උසාවියට ගිහින් පිණ්සෙන්ඩු වුණේ නෑ නවත්වන්න කියලා. එකයි වෙනස. අවුරුද්දයි මාස අටයි. ජනතාව ලක්ෂ ගණන් පාරට බැහැලා තියෙනවා. එනවා කිවුවාම කොළඹට වෙවුලනවා මුළු ඇගම. වෙවුල වෙවුලා මට බනිනවා. බයද හිරේ දාන්න. නවත්වනවද සටන. මේ අය හිතන්න ඇති අපහාස කරලා ජනතාවට පහරදීලා ප්‍රජාත්ත්‍රවාදී  අයිතිය තමන්ගේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අයිතිය උදුරාගෙන ජනතාව ඒකාධිපති වගේ පාලනය කරන්න සූදානම් වෙනවා.

මතක තියාගන්න මේ ලෝකේ ඒකාධිපතින්ට වෙච්ච දේ තමයි මේ යුවළටත් වෙන්නේ කියන එක. ළග පාර එන්නේ යන්න නෙමෙයි අරගෙන යන්න. මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු 20ක් ආණ්ඩු පක්ෂයේ හිටපු අයට විපක්ෂයේ ඉන්න හැටිත් පෙන්නන්න ඕනනේ. මේක පෙරහුරුවක් විතරයි. අපි ලෑස්තියි. ඔබ ලෑස්ති නම්. ඔබ ඉලල්නේ මොකක්ද එය අපි ලබාදෙනවා"

Share on Google Plus