නාමල්ගේ සුජානිට UNPයෙන් දේශපාලන රැකවරණ.


'එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ' පූර්ණ කොටස් අයිතිය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට හා එහි අධ්‍යක්ෂමණ්ඩලයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකාරියක වන සුජානි බෝගොල්ලාගම නමැත්තියට අවශ්‍ය ‍රැකවරණය ලබා දීමට ප්‍රබල එජාප ඇමතිවරයකු ඉදිරිපත්ව ඇතැයි දැන ගැනිමට ඇත.

මෙම එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගම 2012-01-16 දින PV 83718 යටතේ නීති උපදේශන සේවා සපයන සමාගමක් ලෙස ලියා පදිංචි කර ඇති අතර එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වන්නේ සුජානි බෝගොල්ලාගම නමැත්තිය යි.

මෙම සමාගම අංක 15/1, ලේක් ඩ්‍රයිව්, සුභූති පුර, බත්තරමුල්ල. ලෙස සඳහන් වුවද මෙහි කාර්යාල සහ ව්‍යාපාර කටයුතු අංක 07, ගවර් වීදිය, කොළඹ 05 ලිපිනයේ ආරම්භයේ සිටම පවත්වාගෙන ගොස් ඇත.

මෙහි ලියාපදිංචි බත්තරමුල්ලේ ලිපිනය සුජානි බෝගොල්ලාගම නමැත්තියගේ බවද අනාවරණය විය.

මෙම සමාගමේ සිදුව ඇති රුපියල් මිලියන සිය ගනනක්‌ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට පොලිසිය විසින් දැනුම් දුන් නමුත් සුජානි බෝගොල්ලාගම නම් සැකකාරිය එලෙස පෙනී සිටීම මඟහැරීම සඳහා මුලින් කොළඹ පෞද්ගලික රෝහලකට ද පසුව ජාතික රෝහලට ද ඇතුළත් වී සිටියාය.

මෙම මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ සුජානි ව වහාම අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබේ.‍

ඇයට අදාළ ඇමතිවරයා සමග වන සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ ඇයගේ පෙම්වතකු ලෙස වසර ගනනාවක ඇසුරක් පැවත්වූ ගයාන් නැමැති රගර් ක්‍රීඩකයා හරහාය.

ගයාන් මහනුවර ක්‍රීඩා සමාජයට හා බ්ලැක්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙකි.

එක් දරු පියකු වන ගයාන් සිය බිරිද ගෙන් දික්කසාද වීමට මේවනවිට නඩු පවරා ඇති බවද පැවසේ.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment