සරසවි ස්වාධීන කරන්න නව පනතක්.


විශ්වවිද්‍යාල පරිපාලනය හා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ස්වාධීන කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට කටයුතු කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ යටතේ සියලු විශ්වවිද්‍යාල එම විශ්වවිද්‍යාල පද්ධතියට අනන්‍ය වූ කටයුතු සඳහා ස්වාධීනව කටයුතු කෙරෙන අතර රජය මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පමණක් සිදු කෙරේ.

මේ ස්වාධීනත්වය ලබා දීම තුළින් සියලු විශ්වවිද්‍යාලයන්හි අනන්‍යතාව තහවුරු වන ආකාරයේ කටයුතු සිදු කළ හැකි වන අතර විදේශ රටවල පරිද්දෙන් විශ්වවිද්‍යාලයට අවශ්‍ය පරිදි පරිපාලනමය හා අධ්‍යයන කටයුතු කළ හැකි වනු ඇත.

විදෙස් රටවල වෛද්‍ය පීඨ පමණක් තිබෙන විශ්වවිද්‍යාල මෙන්ම ඉංජිනේරු පීඨ පමණක් තිබෙන විශ්වවිද්‍යාල ද තිබෙන හෙයින් ඒ අයුරින් මෙහිදීද විශ්වවිද්‍යාලයට ආවේණික පරිසරය මෙන්ම එහි අධ්‍යයන කටයුතු හා සාම්ප්‍රදායිකත්වය රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට හැකි වනු ඇත.

තාරක වික්‍රමසේකර

Share on Google Plus

0 comments:

Post a Comment