UN මහ සමුළුවට ජනපති සැප්තැම්බරයේදී ඇමෙරිකාවට.


එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල හමුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මෙරට කණ්ඩායමසැප්තම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය බල පිටත්ව යාමට නියමිතය.

ලබන මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී  එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය පැවැත්වෙන අතර, ශ්‍රීලංකා කණ්ඩායමට අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළත් වෙති.

මේමෙම කණ්ඩායමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා, කරු පරණවිතාන යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්න සහ විජේපාලහෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළත්වෙති.

Share on Google Plus

0 comments:

Post a Comment