ඩුබායි රජ ගේකටත් විද්ද ලංකාවෙ ගෑනුන්ගෙ ගැට.


ඩුබායි මන්දිරයකින් රන් බඩු හා ජංගම දුරකතන සොරාගත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනකුට නඩු පවරා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ (UAE) හි පළවන රජයට අයත් පුවත්පතකින් කරන ලද මෙම හෙළිදරව්වට ලොව පුරා මාධ්‍ය මඟින් විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.

මෙකී ඩුබායි මන්දිරය නගරයේ පාලක ප්‍රභූ පවුලක් ජීවත් වන මන්දිරයක් බව පුවතින් කියවුණද එම පවුල කවරෙක්දැයි පුවතින් හෙළිදරව් කොට තිබුණේ නැත. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක විසින් ඩුබායි මන්දිරයෙන් රන් භාණ්ඩ මෙන්ම ජංගම දුරකතන තුනක්ද ඉකුත් මාර්තු මාසයේදී සොරකම් කළ බවද ඒ සඳහා තවත් ගෘහ සේවිකාවන් දෙදෙනකු විසින් ඇයව පොලඹවා ඇති බවද සඳහන් වේ. කෙසේ වුවත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ ගෘහ සේවිකාවන් දෙදෙනකුට පමණි. අනෙක් ගෘහ සේවිකාවක අරාබි එමීර් රාජ්‍යයෙන් පැන ගොස් ඇත.

චෝදනාවට ලක් වූ ගෘහ සේවිකාවන් දෙදෙනාද මෙම චෝදනා විභාගයට ගනු ලැබූ ඉකුත් අගෝස්තු නව වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවද වාර්තා වේ.

අපරාධ ඉතා අඩුවෙන් සිදුවන රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැඳින්වේ. එසේම එහි පික්පොකට් ගැසීම වැනි සුළු අපරාධ පවා ඉතාම පහළ මට්ටමක පවතී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලනයේදී ෂරියා නීතිය (ඉඩචපඪච තචඹ) කැපී පෙනෙන අතර එහෙයින් අපරාධ සඳහා කස පහර දී හෝ ගල් ගසා මරණයට පත් කිරීම වැනි දඬුවම් ලබාදෙන රටකි.

ඩුබායි මන්දිරයේ හොරකමට චෝදනා ලබා තිබෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනා අවුරුදු 34 හා 31 වයස්වල පසු වන්නන් බව ඩුබායි අධිකරණය හෙළිදරව් කර තිබේ. රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කරන ලද්දේ පසුගිය මාර්තු මස 7 දා මන්දිරයේ පරීක්ෂකවරියක් වන බර් ඩුබායිට එක් ගෘහ සේවිකාවක් ඇයගේ කාමරයට සැකකටයුතු අන්දමින් දුව යනු දක්නට ලැබුණු බවත් ඒ නිසා ඇයව ලුහුබැඳ ගිය බවත්ය.

හතළිස් දෙහැවිරිදි ඊජිප්තු ජාතික පරික්ෂකවරිය වැඩිදුරටත් කියා සිටියේ ඇය කාමරයේ යමක් සඟවනු තමා දුටු බවය. පසුව පරීක්ෂා කළ විට රන් භාණ්ඩ හා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හමුවූ බවත් පරීක්ෂකවරිය සඳහන් කර ඇත.

එම ගෘහ සේවිකාව අනෙක් පලාගිය ගෘහ සේවිකාව සමඟ එක්ව මන්දිරයේ භාණ්ඩ සොරා ගැනීමේ යෙදුණු බව තමාට කී බවද පරීක්ෂකවරිය ප්‍රකාශ කර තිබේ.

පරීක්ෂකවරියගේ දුරකතන ඇමැතුමෙන් එහි පැමිණි පොලිසිය ගෘහ සේවිකාව අත්අඩංගුවට ගනිද්දී එක් ගෘහ සේවිකාවක් පලාගොස් තිබේ.
අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාවන් දෙදෙනා පලාගිය ගෘහ සේවිකාව භාණ්ඩ සොරාගත් තැනැත්තිය බවත් ඒවා සැඟවීමට යැයි තමන්ට කියා බේරී පලාගොස් ඇති බව කියමින් දෝෂාරෝපණය කරන බව පොලිසිය සඳහන් කර ඇත.

රු කාරියවසම් 

Share on Google Plus

0 comments:

Post a Comment