TID නඩු භාණ්ඩයක් වෙනත් අයෙකුට දීලා.


රාජ්‍ය බුද්ධි සේවාවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂවරයා වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍රා වාකිශ්ඨ මහතා එවකට සිටි පොලිස්පතිවරයාගේ  අවසරයකින් තොරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ ලොරියක් වෙනත් පාර්ශවයකට ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

පොලිස්පතිවරයාට ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිමල් චන්ද්‍රා වාකිශ්ඨ මහතාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන්කරගත් බවද වාර්තා වේ.

Share on Google Plus

0 comments:

Post a Comment