සුජානිට හොර ලෙඩදැයි සොයයි - ඉරේෂාට ඉන්ටපෝල් වරෙන්තු.


නාමල් රාජපක්ෂ ගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායිකාව වූ සුජානි බෝගොල්ලාගම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළුවී සිටින්නේ යැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේය.

ඇය පරීක්ෂා කර බලා ලබන 22 වැනිදාට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

මේ අතර එම සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා පිටරටක සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කැරිණි.

Share on Google Plus

0 comments:

Post a Comment