සුජානිගේ ලෙඩේ ආනන්ද සමරසේකරටත් බෝවෙලා.


හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල ශරීර කොටස් අතුරුදන්වීමේ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එහි මුල් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ඔහු හදිසියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් නාමල් රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට සුජානි බෝගොල්ලාගමව කැඳවූ අවස්ථාවේදී ඇයද රෝහල් ගතවී තිබිණි.

තාජුඩීන්ගේ මරණ පරීක්ෂණයට අදාල සිදුවීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ආනන්ද සමරසේකර මහතා අත් අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහුගේ නීතීඥයින්ගේ අදහස වූ බැවින් ඔහු විසින් අපේක්ෂිත ඇප අයදුම් පතක්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එහෙත් එයද අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාව වැඩි බවට නීතිවේදීන් පැවසීම නිසා ඔහු මෙසේ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ.

එසේම ඔහුගේ හදිසි අසනීප තත්වය පිළිබඳව අධිකරණයට වාර්තා කිරීමට සිදුවුවහොත් එසේ ඉදිරිපත් කෙරෙණු ඇති වාර්තා පිළිබඳව පවා ප්‍රශ්න මතුවිය හැක්කේ ඔහුගේ බිරිඳ ද කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන නිසාය.

Share on Google Plus

0 comments:

Post a Comment