නීතීපති බුදිද බං, ඔලිම්පුක් හා වැට්.


මේ හාල්පාරු ආන්ඩුව මෙලෝ දෙයක් නොදන්නා හාල්පාරුවන් පිරිසකගේ සෙප්පඩ විජ්ජාවක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටි. මහින්ද මහත්තයාගේ අධිකරණයකින් යහපාලනය සාධාරණය ඉල්ලා සිටීමම, එහි හොඳම එකය. ගෝඨාභය අත් අඩංගුවට ගන්න එපා කියා පෙස්සමක් අරගෙන ගියාම, ඒක මාස 8 කටම දෙන්නෙයි කියලා තීන්දු දෙන්නේ, මහින්ද මහත්තයා පත් වීම් දීපූ අති සෙරේස්ඨ සෙරේස්ඨාධිකරණ වින්ශ්චකාරියන්ය. කඩුවෙලින් ඇප දෙන්නේ නැති කොට, බැසිල්ට ඇප දීපං ඩෝ කියන්නේ නීතී පති දෙපාර්තමේන්තුවය. පා ගමනට තහනම් නියෝග ගන්න ගියාම, පුකට පයින් ගහලා එලවන්නේ, අධිකරණය ගූ ගොඩක් කල සරත් නන්ද සිල්වා නම් උන්මත්තකයාගේ සුරඹි දෙනුන්ය.

සද්දේ දමාගෙන ගෙනා වැට් එක ශුන්‍ය කලා කියලා ඊයේ අති සෙරේස්ඨධිකරණයෙන් කතානායකට දන්වලා එවලාය. මුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ විධායක ජනපති කෙනෙක් මුදල් ඇමති කමේ ඉඳගෙන කළ සෙල්ලම්, නිකන්ම නිකන් ඇමතියෙකුටත් කරන්න පුළුවන්ය කියලාය. කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේත් පිලිගත් සම්ප්‍රදායකට නෙමේය. මහින්දගේ කාලේ ඕක ශූන්‍ය කරලා එව්වා නම්, එවපු එකාගේ ඇට දෙක ශූන්‍ය කරන්නේ පාර්ලිමේන්තුවෙන්ය. මහින්ද දාපු සෙල්ලම් මෙයාලාට හිතන්නවත් බැරිය. දැන් රනිල් අඬන්නේ, මහින්ද කරා නම් අපිට කරන්න බැරි ඇයි කියලාය. අපිට නම් කියන්න තියෙන්නේ අපි ඔහේලාව ඔතනට ඇරියේ මහින්ද කරපුවා කරන්න නෙමේ කියලාය. ඒ වගේම කිව යුතුව ඇත්තේ, මහින්දගේ උන් එක්ක හැමිනෙනවානම් හත් පොලේ ගාගන්නේ නැතිව හතර වරම් නෝන්ඩි නොවී සද්ද නැතිව හැමිනෙන්නෙයි කියලාය.

මුන්ට විපක්ෂ නායක කමත් බැරිය, අගමැති කමත් බැරිය කියපු විමලයා මට අහු උනා නම්, අම්මපා VAT 69 බෝතලයක්ම එ යකාගේ කටේ වක්කරනවාය. හෙට අනිද්දා වෙන කොට ජනාධිපති විමර්ෂන එකේ උනුයි FCID එකේ උනුයි, වැලිකඩ ගියොත් එහෙම ඔහේලා පුදුම වෙන්නත් එපාය. මොකෝ ජොනි වෝකර් දෙන ටෝක් වලින් පෙනෙන්නේ, හෙට අනිද්දාම එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලාය. උන් කොමිසමේ ඉස්සරහා හිටං, කොමිසමෙයි FCID යේයි, ජ්නාධිපතිගෙයි, අගමැතිගෙයි රෙදි ගලවන්නේ, කිසිම අනුකම්පාවක් නැතිවය. ඒකට ප්‍රජාතන්ත්‍රවාදේ කියනවා නම්, අපිට කියන්න තියෙන්නේ අනේ තොගේ ප්‍රජාතන්ත්‍රවාදේ රෝල් කරලා දෙකට නැමිලා පශ්චාත් භගයේ ගහ ගනියව් කියලාය.

මේ පිස්සු හිටං හුටංලාගේ වැල් බයිලා පැත්තකින් තියලා දැන් අදාල මාත්තුරුකාවට එනවාය. ඒ ඊයේ අර මැතිව් අබේසිංහ ගෝල්ඩ් මැඩල් එක දිනපු වෙලාවේ, දාපු වොයිස් කට් එකක් ගැනය. එතනදි ඔලිම්පුක් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු කිව්වේ, තව මාස දෙකක් බලා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අම්මට සිරි ලංකාවේ ඔලිම්පුක් කමිටුවට පුකට පයින් ගහලා එලවනවා කියලාය. එතකොට අපේ එකෙක් පරිසාධන මට්ටමේ ඉන්නවා නම්, ඌ ඊළඟ ඔලිම්පික් එකේ ගමන් කරන්නේ සිංහ කොඩිය යටින් නොව, ඔලිම්පික් කොඩිය යටින් කියලාය. මේ බව ක්‍රීඩා අමාත්‍ය බල්ටි උස්තාද් දයාසිරි ජයසේකරත් තහවුරු කලේය.

බලාගෙන ගියාම මාස දෙකකින් එහෙම කොරන එක අසාධාරනයි නේ ඩෝ කියා, ඕන ගොනෙකුට හිතෙන එක පුද්මයක නොවේමය. ඒත් මුන්ට චෑන්ස් එක දීලා තියෙන්නේ 2009 සිටය. ගැටලුව තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යන්ශයේවත්, හිටපු ඇමතිගේවත්, එයාගේ සෙල්ලම් සැක්‍රටරිගේවත්, ඔලිම්පුක් කමිටුවේ වත් නෙමේය. නීතී පති දෙපාර්තමෙන්තුවේය. උන් කියනවාය කියන්නේ 72 ද 73 ද ක්‍රිඩා පනත අනුව, කමිටුව කියන දේ කොරන්න බෑ කියලාය.

අපරාදේ කියන්නේ, හිටපු ක්‍රීඩා ඇමතියා කියූ මසුරන් කතාවක් අදටත් මාතලන්ට හොඳට මතකය. ඒ යකා කිව්වේ, මුන්ට කන්න බොන්න දීලා, විටමින් දීලා, අතිනුත් ගානක් දෙනවාට වඩා, හරක් ටිකක් හැදුවානම් ඊට වඩා ප්‍රයෝජනයක් තියෙනවාය කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. සුසන්තිකා ඔලිම්පික් ගෙනාවේ ඔය මුකුත් තීලා නෙමේය. සමහරක් විට මහින්ද මහත්තයා මෙන්ම කුමාරයන් තිදෙනාත් ජාතික ක්‍රීඩව වන රගර් ක්‍රීඩාවට මුල් තැන දී කටයුතු කල නිසාත්, ඒ අයට කවදාවත් ඔලිම්පුක් යන්න බැරි නිසාත්, ඔන්න ඔය මළදානේ අල්ලලා දාහන් කියා කිව්වද දන්නේත් නැතිය.

ක්‍රීඩා ඇමතිවරයාත් කලේ ජාතික ක්‍රීඩාව නගාලන එකය. එයා නාවලපිටියේ රගර් ග්‍රවුන්ඩ් හැදුවා පමණක් නොව, නාවලපිටියේ රගර් ටූනමන්ට් හිටන් තිබ්බේය. තව ටික කලක් බලේ උන්නා නම්, නාවලපිටියේ උන්ට තවත් ජාතික ක්‍රීඩවක් වන, නයිට් කාර් රේස් බලන්නත් තිබුනේය. රේස් බලලා අහක්ක වෙලා වයඹ ගල් ෂොට් එකක් දාගෙන රෂියන් කෑලී එක්ක ඩාන්ස් එකක් දාලා තේ පඳුරු අස්සෙන් යන ගමන් ලෙච්චිමිලාට වගේම,  නයෙකුට පොලෙඟෙකුට කියලා පොඩි ආතල් එකකුත් ගන්න තිබුනේය.

නිදහස් චතුරශ්‍රයේ උදේට පුක අඹර අඹරා වෝකින් රේස් පුරුදු වන උන් මොන මලදානයකට එහෙම පුරුදු පුහුණු වෙනවාද කියා මට නම් තේරෙන්නේ නැතිය. අනික් උනුත් කරන්නේ අර මැද්දේ තියෙන ග්‍රවුන්ඩ් එකට වෙලා කයිය ගගහා ඉන්න එකය. හේතුව උනේ ක්‍රීඩවෙන් දිනන්නේ නැතිව හොඳට කාලා බීලා ඉන්න ක්‍රම ඒ කාලේ තිබුන එකය. ඒ නිසා උන්ට තරඟ දිනන්න ඕනා නැතිය. ඇමතියා හා බේබිලා ෂෙප් නම් හැමදාම බොක්කේ උණු බත්ය. හවසට ඩ්‍රින්ක්ස් එක හා බයිට්ය. තරඟාවලියක් තියෙන කොට ටුවර් එක ෂුවර්ය. අතට ගානකුත් ෂුවර්ය. දිනන්න ඕනා නැතිය. ඔලිම්පික් වල කියනවා වාගෙම සහභාගිත්වය පමණය.

සහභාගිත්වය ක්‍රීඩකයන් ඉතරක් නෙමේය. නිළධාරීනුත් යනවාය. මේ වර එකටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුට නිළධාරින් 40 කට අධික පිරිසක්ය. අම්මට හැමනෙන්නද ඩෝ එච්චර පිරිසක් යන්නේ කියා, ඔහේලාගේ හිතේ සාධාරන ප්‍රශ්ණයක් පැන නගිනා එක ලාංකිකත්වය මිස ඉරිසියාව හෙම නෙමේය. ඒයාලා යන්නේ, ආන්ඩුවේ සල්ලි වලින් සුන්දර යුවතියකගේ බඩ උඩ ඩිප්ස් දමන ක්‍රිඩාව කොරන්නය, සමහර උන්ට ඒක බැරි නම්, තවත් ජාත්‍යන්තර ක්‍රීඩාවක් වන, පොල් ලෙලි ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙන්නය. එයිටාමතරව තරඟයට ෂොපින් යෑමේ ක්‍රීඩා ඉසව්වටත් පෙනී සිටිනවාය.

ජාත්‍යන්තරයේ නමක් තියෙන එකම ක්‍රීඩාව වන ක්‍රිකට් වලටත් උනේ ඒකමය. නිලි මස් කාපු එකාගේ පුතා ටීම් මෙම්බර් වෙන්නේ එහෙමය. ඌ නිළධාරින් පයිසෙකට ගනන් ගන්නේ නැතිව, කන පැලෙනන් ගහලා ෆ්ලයිට් එකේ දොර ඇරලා හුජ්ජා කරන්න යන්නෙත් ඒ නිසාය. කොහොම හරි එදා ක්‍රීඩාව උලා කෑ උන් තාමත් එහෙමමය. ඔය හේමසිරි ප්‍රනාන්දුට එකසිය ගානට කේස්ය. ඒත් තාමත් සභාපතිය. පාපන්දු වල උන් මනිලාල්ට නම් ඉනටර්නැෂනල් එකෙන්ම පුකට පාරක් දුන් නිසා, එලියට විසි උනේය. ක්‍රිකට් බෝඩ් එකේ තිබුන අන්තිම සත පහටත් කෙලිය දන්දෙනිය කියන අමු හොරා, තාමත් බැඩ්මින්ටන් ගහනවාය. බලාගෙන ගියාම ඒ තැන්වලත් තාමත් ඉන්නේ මහින්දගේ ගෝලයන්ය.

සත් ගුණවත් මහින්ද මහත්තයාට ජාත්‍යන්තර ඔලිම්පුක් කමිටු පයිසෙකට වැඩක් නැතිය. ජී ඇස් පී ප්ලස් තඹ දොයිතුවක වැද ගැම්මක් නැතිය. යුරෝපෙට මාළු යවන එකත් එහෙමය. මානව අයිතිවාසිකමුත් එහෙමය. ඒ තියා, තමන්ගේ බලයට කෙල උනත් කිසි ගානක් නැතිය. මොකෝ රටම රාජපක්ෂකරණයකට ලක් කොට අවසාන නිසාය.

ඉදින් නීතීපතියා වෙනස් උනාට එතන ඉන්න අනෙක් උන් ඔක්කෝම රාජපක්ෂලාය. ඒ අය ඉන්නේ හෙට දිනයේ මහින්ද මහත්තයා ආයෙත් බලයට එනකන්ය. බලාගෙන යන ආකාරයට ඒ දිනය වැඩි ඈතකත් නෙමේය. ඉතින් එයාලා ආයෙත් බලයට ආවාම, රාජපස්ස බේබිලාට ආයෙත් රගර් ගහන්න, නයිට් රේස් යන්න පුළුවන්ය. ශිරන්ති නෝනාට කප් එක දීලා සතුටු වෙන්න පුළුවන්ය. ක්‍රීඩා ඇමතිට මහින්ද මහත්තයාට වැඳලා සතුටු වෙන්න පුළුවන්ය. සැක්‍රටරි නෝනාට මහින්දානන්දට වැඳලා හෝ ඉඹලා සතුටු වෙන්න පුළුවන්ය. අපිට ඔය ඔක්කෝම විගඩන් බලාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්ය.

එදිනේ, මහින්ද මහත්තයා "ඔබට සතුටුයිද දැන්.." කියා අපෙන් අසා සිටින්නට පුළුවන්ය..

එතකොට අපට කියන්න තියෙන්නේ, ඔබේ සැප මගෙ සතුටයි.... මහරජානනේ... කියලාය..

යහාපලනයේ හාල්පාරුවන් ඇතුලු ඔබ  සැමට තෙරුවන් සරණයි හිටං ...!!!

මාතලන් | Maathalan


Share on Google Plus