ශ්‍රීලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් වෙයි.


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ නඩත්තු කටයුතු හේතුවෙන් ගත් පියවරක්

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මාස තුනක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වල සහ ගුවන් ගමන් කාලසටහන තුළ සිදුවන වෙනස්කම් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 2017 ජනවාරි මස 6 වෙනි දා සිට අප්‍රේල් මස 6 වෙනිදා දක්වා දිනපතා පැය 0830 සිට පැය 1630 දක්වා නඩත්තු කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව සිය මගීන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව කාලසටහන ඉදිරිපත් කර තිබේ.

පහත සඳහන් ගුවන් ගමන් අවලංගු කර ඇත. කෙසේ වෙතත් අදාල ගමනාන්ත වෙත එම දිනයන්හීදීම වෙනත් කාලසටහනක් යටතේ නොනවත්වා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙහෙයුම් සිදුකරනු ඇත.

UL 308 කොළඹ- සිංගප්පූරුව සහ UL 309 සිංගප්පූරුව – කොළඹ
UL 127 කොළඹ- චෙන්නායි සහ UL 122 චෙන්නායි – කොළඹ
UL 133 කොළඹ- ට්‍රිචි සහ UL 132 ට්‍රිචි – කොළඹ
UL 115 කොළඹ- මාලේ සහ UL 102 මාලේ – කොළඹ
UL 167 කොළඹ- කොචින් සහ UL 166 කොචින් – කොළඹ
UL 173 කොළඹ- බැංගලෝර් හා UL 174 බැංගලෝර් – කොළඹ

පහත සඳහන් ගුවන් ගමන් වාර සඳහා විකල්ප කාල සටහනක් ඉදිරිපත් කර ඇත.
UL 868 කොළඹ- බීජිං
UL 866 කොළඹ- ෂැංහයි .
UL 402 කොළඹ- බැංකොක් සහ UL 403 බැංකොක් – කොළඹ
UL 318 කොළඹ- ක්වාලාලම්පූර් හා UL 319 ක්වාලාලම්පූර් – කොළඹ
UL 306 කොළඹ- සිංගප්පූරුව සහ UL 307 සිංගප්පූරුව – කොළඹ
UL 161 කොළඹ- ට්‍රිවෙන්ඩ්‍රම් හා UL 162 ට්‍රිවෙන්ඩ්‍රම් – කොළඹ
UL 195 කොළඹ- නව දිල්ලිය හා UL 196 නව දිල්ලිය – කොළඹ
UL 183 කොළඹ- කරච්චි හා UL 184 කරච්චි – කොළඹ
UL 503 කොළඹ- ලන්ඩන් සහ UL 504 ලන්ඩන් – කොළඹ (ජනවාරි මස 05 වෙනිදා සිට UL 504 සිට ලන්ඩන් – මාලේ – කොළඹ ලෙස ක්‍රියාත්මක වනු ඇත )
UL 281 කොළඹ- ජෙඩා හා UL 282 ජෙඩා -කොළඹ

මේ වන විට ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ඇති ගුවන් මගීන්ට ඉහත සඳහන් ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් විකල්ප මාර්ග සැකසුම් සහ විස්තර මෙන්ම සංශෝධිත වේලාවන් ළඟම සිටින සංචාරක නියෝජිතගෙන් හෝ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලයෙන් ලබාගත හැක.

ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු හේතුවෙන් තම ගුවන් මගීන්ට සිදුවන මෙම අපහසුතාවය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. මෙම කාලය තුළ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සඳහා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාවය බලපානු ඇත. ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු නොකරන හෙයින් ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු සම්බන්ධයෙන් ගුවන් සමාගම වෙත කිසිදු වගකීමක් නොමැති බව ද මෙහිදී දන්වා සිටී.

ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. http://www.srilankan.com/en_uk/coporate/news

Share on Google Plus

0 comments:

Post a Comment