එස්.එම් නිසා මහින්ද පිලේ රහස් වැඩක් එළියට.


මහින්ද පිල නව පක්ෂයක් ගොඩනැගීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවත් මේ දිනවල එම නව පක්ෂයේ ව්‍යවස්ථාව සකසමින් සිටින බවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ. පසුගිය 24වනදා පැවති මහින්ද පිලේ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීයෙකු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට කටයුතු කළේ ය.

ඊට පිළිතුරු දුන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  "එය ඔහුගේ පෞද්ගලික අදහසක්" යනුවෙනි.

කෙසේනමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගී නොවී විදේශගතවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබුණත් එයද කල්වේලා ඇතිව හෙළිදරුව් වූයේ එස්.එම්. චන්ද්‍රසේන මහතා සිදු කළ ප්‍රකාශයකිනි.

තමන් විදශෙගත වන බව රහසිගතව තබාගෙන සම්මේලනයට නොයන ලෙස පක්ෂයේ ආසන බලමණ්ඩලවලින් සම්මතකරගෙන ඔවුන්ගේ තීරණය නිසා තමන් සමුළුවට නොයන බව ප්‍රකාශක කිරීමට කර තිබූ සැලසුමද එස්.එම්. නිසා හෙළිදරව් විය.

විදේශගත වීම සම්බන්ධයෙන් දිගින් දිගටම මහින්ද රාපක්ෂ මහතාගෙන් විමසීමට එස්.එම්.ගේ ප්‍රකාශය පදනම්කරගෙන මාධ්‍ය වේදීන් කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂ මහතාද ඒ සම්බන්ධයෙන් විටින් විට විවිධ ප්‍රකාශ කරන්නට විය. තමන් ජාත්‍යන්තර සමුළුවක් සඳහා විදේශගත වන්නේයැයි අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාට කියැවුනේ එස්.එම්.ගේ ප්‍රකාශය නිසා තමන්ට මුහුණදීමට සිදුවූ තත්වයන් හමුවේ දැඩි පීඩනයකටත් කෝපයකටත් පත්ව සිටි පසුබිමක් තුළ ය. 

මේ වනවිට නව පක්ෂයේ ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධ කාරණයේදීද මහින්ද පිල මුහුණ දී ඇත්තේ එවැනිම තත්වයකට ය.

Share on Google Plus

0 comments:

Post a Comment