අතුරුදහන් පුද්ගලයින් පිළිබද සොයනවාට අකමැති අතුරුදහන් කරන්න මැදිහත් වූ අය : මරික්කාර්


අතුරුදහන් පුද්ගලයින් පිළිබද සොයනවාට අකමැති අතුරුදහන් කරන්න මැදිහත් වූ පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා එජාප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

මේ කාර්යාලය පිහිටුවීම ඉබේ පහළ වූවක් නෙමෙයි. අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබද සොයා බැලීම සම්බන්ධව කටයුතු කරන්න ඉල්ලීම් හා එකගතා පළවුනේ පසුගිය රජය සමයේයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සමග 2009 පත් වූ එකගතා, උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම මගින්  සොයා ගත් කරණු මත අතුරුදහන් වීම් සම්බන්ධව වීශේෂයෙන්  කරුණු සදහන් වුනා. ඒ සම්බන්ධව සෙවීමට යාන්ත්‍රණයක් ඇති කරන්න පොරාන්දු වුනා  .නමුත් පොරොන්දු වූ වගකීම් ,යාන්ත්‍රණය වැනි  කාරණා දේ රජය දිගින් දිගටම බැදීම තුට්ටු දෙකට දාලා නොසලකා හිටපු නිසා. ජාත්‍යන්තරයත් සමග අපේ තිබුණු හිතවත්කම පළුදු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්  2014 දී  ලංකාවට එරෙහි යෝජනා සම්මතයක් සිදු කරනවා. පසුව 2105 ජනාධිපතිවරණය පැමිණියා. ඒ අවස්ථාවේ දී ජනාතාව එවකට පැවති තත්වය වටහා ගෙන සිටි නිසා ජනාධිපති වරයා ගෙදර යැවීමට කටයුතු කළේ, දූෂණ, වංචා සොරකම්, නීතිය අවභාවීතය හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමට තිත තැබීමටයි. පසුව මහා මැතිවරණයේදීත් ඒ පිළිබද වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රතිඥා දුන්නා එය ඉටු කිරීමට. ඒ අනුව වංචා හා දූෂණ පිළිබද සෙවීම සදහා එෆ් සී අයි ඩී එක පත් කළා වගේ. මානව හිමිකම් පැත්තෙන් ඉදිරි පියවරක් තැබීම පිණිස දැන් අතුරුදහන් වූවන්ගේ කොමිසම පත් කරලා තියෙනවා.

අපේ රටේ පවුලක කෙනෙක් මිය යෑමට වඩා අතුරුදහන් වීම ශෝචනීය සිද්ධියක්, මෙහෙම වුණේ ඇයි ?මොක ද හේතුව ඔහු තවම ජීවතුන් අතර ඉන්නවාද, වද විදිනවාද  ඇතුළුව ප්‍රශ්න ගණනාවක් එම පවුලේ සමාජිකයින් අප්‍රමාණ කම්පනයකට හා පීඩාවකට ලක් වෙනවා. ඒ අනුව පවුලේ උදවිය මැරී මැරී ජීවත් වෙන තත්වයක් තමයි තියෙන්නේ. 1971, 1989 දීත් ඉන් පසුව යුධ සමයේදී  අතුරුදහන් වූවන් පිළිබද අත්දැකීම් විදගන්න ජනතාවට සිදුවුනා. මේ කාර්යාලය මගින් 1971 සිට අද දක්වාම අතුරුදහන් වීම් සම්බන්ධව පැමිණීලි කරන්න පුළුවන් ඒ අනුව.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද සොයා බැලීමට විරුද්ධ වන ඒකාබද්ධ විපක්ෂයේ පිරිස , එදා මවුවරුන්ගේ පෙරමුණක් හදාගෙන පොස්ටර් ගසමින් රැස්වීම් තබමින් කතරගමට පාදයාත්‍රා යමින් නොනැවතී අපේ රටේ රණවිරුවන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් කොමිසමට ගිය අකාරය ජනතාවට අමතක වී නෑඅතුරුදහන් වූ පුද්ලගලයින් පිළිබද සොයා බැලීමට විරුද්ධ වන්නේ, පුද්ගලයින් අතුරුදහන් කර සුදු වෑන් වලින් අහිංසක මිනිසුන් රැගෙන ගිය මාධ්‍ය නිදහසට විරුද්ධ, කප්පම් කල්ලි, ආයුධ කල්ලි නැවත මේ රටේ ඇතිවනු දකින්නට රිසි පිරිසක් තමයි. අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධව සොයා බැලීම සදහා විදේශ මැදිහත් වීමක් හෝ විදේශ විනිසුරුවන්ගේ සහභාගීත්වයක් නොමැති නෑ.  එහෙත් විදේශ නිරීක්ෂකයින්ට ඊට සහභාගී වීමට අවකාශ ලබා දෙන්න පුළුවන් . මොකද සමස්ත රණවිරුවන් කෙරෙහි දේශියව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනිමක් ඇති කිරීම සදහාය. ඒ නිසා මේ මගින් රණ විරුවන් දං ගෙඩියට යවන්න කටයුතු කිරීමක් සිදු වෙන්නෑ නෑ. සැබෑ දේශප්‍රේමයක් තියෙන පුද්ගලයින් නම් මෙම කාර්යාලය ක්‍රියාත්මක කරන්න සහය දිය යුතුයි.

Share on Google Plus

0 comments:

Post a Comment