හරීන් - මැක්සීස් ටෙලිකොම් ගැටුමක?


ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා තරග කළ හැකි තවත්  අර්ධ රාජ්‍ය සමාගමක් කඩිනමින් ආරම්භ කළ යුතු බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා මෙම යෝජනාව ගෙන එන්න සූදානම් වන්නේ  කළමනාකරණ සහ මෙහෙයුම් කටයුතුවල දී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් අත්දකිනු ලැබූ දුර්වලතාවලට විසඳුමක් ලෙසය.

එහි දී තරගකාරී අර්ධ රාජ්‍ය සමාගමක් වෙනුවෙන් වන යෝජනාවට අමතරව තවත් විකල්ප යෝජනාවක් ද අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත.

එය ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි වත්මන් ප‍්‍රධාන  විධායක නිලධාරී දිලීප විජේසුන්දරට සමගාමීව තවත් ප‍්‍රධාන විධායක නිලධාරියකු හෝ නියෝජ්‍ය විධායක නිලධාරියකු මැක්සීස් සමාගම තුළින් පත් කිරීමටය.

එමඟින් ටෙලිකොම් හි 45%ක කොටසක හිමිකාරිත්වය ඇති මැක්සීස් සමාගම සහ ටෙලිකොම් අතර පවතින ඇති දුර්වල තාක්ෂණික කාරණාවන්ට විසඳුමක් සපයා ගැනීමට හැකි බවත් විශේෂයෙන්ම වෘත්තීය සමිති කටයුතුවල දී වත්මන් ටෙලිකොම් පාලනය දක්වන දුර්වල හැසිරීම අවම කර ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා ආණ්ඩුවට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් අමාත්‍යවරයා මෙම යෝජනාව කර තිබෙන්නේ වත්මන් ටෙලිකොම් පරිපාලනය ඔහුට අවනත නොවන පසුබිම නිසා බවත් වත්මන් ටෙලිකොම් පරිපාලනය මෙම යෝජනාවට කිසිසේත් එකඟ නොවනු ඇති බවත් අප වෙත වාර්තා වී ඇත.

එවැනි තත්ත්වයක් මතු වුවහොත් අමාත්‍යවරයා සහ වත්මන් ටෙලිකොම් පරිපාලනය අතර ඇති අර්බුදය උග‍්‍ර වනු ඇති බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment