දුමින්දගේ බල බිඳේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් දුමින්ද දිසානායක මහතා යටතේ තිබූ ප්‍රධාන අංශ කිහිපයක්ම පක්ෂයේ වෙනත් ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකුට පැවැරීමට මේ වන විට තීන්දු කර ඇත.

පක්ෂ මහ ලේකම්වරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවීමත්, පක්ෂ මූලස්ථානයේ වැඩකටයුතු මෙහෙයවීමත් දැඩි ලෙස කඩාවැටී තිබීම මේ තීන්දුව ගැනීමට හේතු වූ බව දැනගන්නට තිබේ.

විශේෂයෙන් පසුගිය සතිය වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වෙබ් අඩවියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත ආකාරයේ පුවත් පළ වී තිබීමත්, මහින්ද රාජපක්ෂ මහතා තවමත් ජනාධිපතිවරයා ලෙස හැඟී යන පරිද්දෙන් පුවත් පළ වී තිබීමත් මේ සඳහා ආසන්නම හේතුව වී ඇති බව පැවැසේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවා අවස්ථා කිහිපයකදීම දුමින්ද දිසානායක මහතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතත් මෙතෙක් එහි වෙනසක් සිදුව නොමැති නිසා මුල් අදියරේදී එම වෙබ් අඩවිය සහ මාධ්‍ය කටයුතු දුමින්ද දිසානායක මහතාගෙන් ඉවත් කිරීමට තීන්දු වී තිබේ. මීට අමතරව ශ්‍රී ලනිප මූලස්ථානයේ කටයුතු පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන එස්.බී. දිසානායක මහතාට සහ තවත් කිහිපදෙනකු යටතට පත් කිරීමට යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment