ගෙදර යවන්න හදන SLFP සංවිධායකවරුන් මෙන්න.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ශක්‌තිමත් කිරීම සඳහා පක්‌ෂය විසින් ආරම්භකර ඇති ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ මැතිවරණ කොට්‌ඨාස දහයක දැනට සිටින ආසන සංවිධායකවරුන් ඉවත්කර නවකයන් පත්කිරීමට එම පක්‌ෂය තීරණය කර ඇත.

මතුගම, හොරණ, දඹුල්ල, නාවලපිටිය ඇතුළු ආසන දහයකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නව සංවිධායකවරුන් පත්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව එම පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ඊයේ (22 දා) පැවසීය. 

පක්‌ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා දැනට සිටින ආසන සංවිධායකවරුන් කිසිදු සහයක්‌ නොදැක්‌වීමත් ආසන සංවිධායක තනතුරු යොදාගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමට පිඹුරුපත් සැකසීමත් නිසා ඔවුන් එම ධුරවලින් ඉවත්කර අලුත් සංවිධායකයන් පත්කිරීමට තීරණය කළ බව එම ප්‍රකාශකයා කියා සිටියේය.

පක්‌ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කරමින් ගම් මට්‌ටමේ පාක්‌ෂිකයන් තුළ පක්‌ෂය සහ නායකත්වය පිළිබඳව දේශපාලන වෛරයක්‌ ගොඩනැගීමට මෙම පිරිස කටයුතු කර ඇති බවට එම ප්‍රකාශකයා චෝදනා කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment