"පොලිස්පති අතකොළුවක්" - ෂෙහාන්.


වර්තමාන ආණ්ඩුවේ අතකොළුවක් බවට වත්මන් පොලිස්පතිවරයා පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එමෙන්ම පොලිස්පති විසින් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය නොනමා පොලීසියේ සුබ සාධක කටයුත්තක් සිදු කර ගත්තානම් වඩා හොද යැයිද ඒ මහතා පෙන්වා දී තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුව විසින් ජනතා අදහස්වලට ගරු කරමින් ජනතා අදහස් ඉටුකළ බව පැවසුවද අද වන විට ජනයා දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන්නේ ආණ්ඩු විරෝධී පිරිස් ගෙදර යැවීමක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට සහභාගී වූ ජනයා වෙනුවට ජනතා නියෝජිතයින් ගෙදර යැවීමක් ඊයේ(17) සිදු කළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ඒ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා රජයේ බෝඩිමේ මේ දින වල සුපුරුදු පරිදි කාලය ගත කරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ පළමු දින නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවට FCID විසින් ප්‍රකාශ කළද ප්‍රකාශය සටහන් කර ගත්තේ සති දෙකකින් බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ දින වල අධිකරණයේ විනිසුරුවන් නිවාඩු ගොස් තිබීයදීත් අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු පත් කර නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම මෙම විවිධ චෝදනා ගෙන එමින් මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින් අත්අඩංගුවට ගැනීමට FCID විසින් කටයුතු කරන බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතාට හා දුමින්ද දිසානායක යන අයට එරෙහිව ගොණු කර ඇති පැමිණිලිද FCID විසින් විමර්ශනය කළ යුතු බවයි.

 ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව දිනෙන් දින කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම වත්මන් පොලිස්පති ප්‍රකාශ සටහන් කර ගන්නේද සිරිකොතට ගොස් බවත්, වර්තමානය වන විට සිරිකොතේ ගන්නා තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ අතුරුදන්වූවන් සෙවීමේ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබුවහොත් පළමු දේශද්‍රෝහියා බවට ඔහු පත්වන බවයි.

එමෙන්ම අද වන විට ආණ්ඩුව විසින් දිනේන දින පුවත් යටපත් කිරීමට නව පුවත් මවන බවත්, ආණ්ඩුවට කඩේ යන පිරිස් ආසන සංවිධායක ධූරයන් වලට පත් කර ඇති බවත් ඒ මහතා පවසයි.

Share on Google Plus

0 comments:

Post a Comment