'සත්හඬ' මන්දනා යටතට.


ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක පුවත් සඳහා ප්‍රසිද්ධියක් උසුළන ‘සත්හඬ' සති අන්ත පුවත්පත ප්‍රකාශයට පත් කරන ‘Peoples Power Media (Pvt) Ltd' සමාගමේ සභාපතිනිය වශයෙන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන්ම, ‘සන්ඩේ ලීඩර්' වත්මන් කතුවරිය වන මන්දනා ස්මයිල් අබේවික්‍රම අද (22) තෝරා පත්කරගෙන තිබේ.

අද දින පටන් සත්හඬ පුවත්පතේ මූල්‍ය හා පරිපාලන අංශය මන්දනා යටතට පත්වන අතර සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩලය පෙර පරිදිම ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ දේශපාලන ක්‍රියාධරයෙකු වන දීප්ති කුමාර ගුණරත්න මහතාගේ කතෘත්වයෙන් සිදුවනු ලැබේ.

ඉදිරි මාස කිහිපය තුල ‘Peoples Power Media (Pvt) Ltd'විසින් සිය ඉංග්‍රිසි පුවත්පත එලිදැක්වීමට නියමිත බව ඈ සඳහන් කර සිටියාය.

මෙම පදවිය භාර ගැනීම නිසා සන්ඩේ ලීඩර් කතෘ ධූරයෙන් ඉවත් වන නමුදු එම පුවත්පතේ කතෘ මණ්ඩල උපදේශකවරිය වශයෙන් කවදුරටත් කටයුතු කරන බව මන්දනා සඳහන් කර සිටියාය.

-LNW

Share on Google Plus

0 comments:

Post a Comment