ජාතික ආණ්ඩුවේ සැලුන් දොර වහයි.


ජාතික ආණ්ඩුවට බාහිර පුද්ගලයන් තවත් අවශ්‍ය නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

වැලිමඩ ප‍්‍රදේශයේ අද (27) පැවති එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අද පවතින ජාතික ආණ්ඩුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැමිණ කැපකිරීම් කර තරග කර ජයගත් පිරිසත් සිටින බවත් ඊට පසුව ජාතික ආණ්ඩුවට පැමිණි අයත් සිටින බවත් පැවසුවා. ඒ කෙසේ වුවත් ජාතික ආණ්ඩුව යළි විවෘත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේ වන විට එය වසා අවසන් බවත් පෙන්වා දුන්නා.

ඉකුත් ආණ්ඩුව සමයේ මැතිවරණ ජයගැනීම සඳහා රාජ්‍ය මුදල් යෙදවූ ආකාරය පිළිබදවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළා.

Share on Google Plus

0 comments:

Post a Comment