පිල්ලෙයාන් හා අනුර සේනානායක යලි රිමාන්ඩ්.


නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු සැප්තැම්බර් මස 07වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

එසේම තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා සැප්තැම්බර් 07 වැනි දා දක්වා  රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24) නියෝග කළේය.


Share on Google Plus

0 comments:

Post a Comment