මාරක රිය අනතුර වසන් කලාට ශ්‍රී රංගා අත්අඩංගුවට - බාලසුරියත් සම්බන්ධයි?


තමන් විසින් පදවාගෙන ගිය වාහනය මාර්ගයෙන් පිටතට පැන තාප්පයක වැදී තමාගේ ආරක්ෂක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය ගිය පසු එම රිය ධාවනය කළේ මිය ගිය පොලිස් කොස්තාපල්වරයා බව කියා ව්‍යාජ ලිපිලෙඛණ සකස් කර මාරක රිය අනතුරක් වසන් කිරීම සම්බන්ධව සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලිස් නීති අංශය විසින් උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

එම රිය අනතුර වසන් කිරීමට ආධාර හා අනුබල දුන් පොලිස් නිළධාරීන් පිරිසකට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන අංශය යොදා පරීක්‍ෂණයක් පවත්වා විනයානුකූල පියවර ගන්නා ලෙසද පොලිස් නීති අංශය නිර්දේශකර තිබේ.

ශ‍්‍රී රංගා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක්ව සිටියදී 2011 වසරේදී ඔහු පදවාගෙන ගිය ජිප් රථය සෙට්ටිකුලමේදී අනතුරකට ලක්ව එහි ගමන් ගත් ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයා මියගියේය.

අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය පදවන ලද්දේ මිය ගිය එම නිළධාරියා බවට පසුව පොලිසිය එක්ව සටහන් යොදා අධිකරණයට බී.වාර්තාවක් ද ඉදිරිපත්කර තිබිණි.

එම බී.වාර්තාව සකස්කර ඇත්තේ වව්නියාව පොලිස් අධීකාරී කාර්යාලයේදී බවද මේ වන විට හෙළිවී ඇත.

ශ‍්‍රී රංගා විසින් පදවන ලද වාහනය අනතුරට ලක්ව එහි ගමන් කරමින් සිටි ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය පසු වාහනය පදවන ලද්දේ එම කොස්තාපල්වරයා බවට ව්‍යාජ ලෙස බී.වාර්තා සකස්කර ඇත්තේ පොලිසියට එල්ලවුණු දේශපාලන බලපෑම් මත බවත් එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය ඇතුළු පොලිස් නිළධාරීන් පිරිසක් ඊට වගකිව යුතු බවටත් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම අනතුර 2011 වසරේ මාර්තු 30 වෙනිදා සවස 4.30 ට සිදුව ඇත.

ශ‍්‍රි රංගා විසින් පදවන ලද එම ජිප් රථය ලියාපදිංචි නොකල ලෑන්ඞ් කෲෂර් වර්යේ රථයක් බවද පොලිසිය සදහන් කරයි.

මැදවච්චිය මන්නාරම පාරේ මන්නාරම දෙසට ධාවනය වූ එම රථය අනතුරට ලක්ව ඇත්තේ මාර්ගයෙන් ඉවතට පැන සෙට්ටිකුලම රෝහල් තාප්පයේ ගැටීමෙනි.

එම අනතුරින් ශ‍්‍රි රංගාගේ ආරක්‍ෂාවට සිටි ඇමති ආරක්‍ෂක අංශ සාමාජිකයා මිය ගිය පසු එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ශ‍්‍රි රංගාව බේරා ගැනීමට පොලිසියට බලපෑම්කර ඇති බව ද විමර්ශන වලින් හෙළිවී තිබේ.

ඒ අනුව එවකට වව්නියාව කොට්ඨාශය භාරව සිටි පොලිස් ප‍්‍රධානියාගේ සිට පොලිස් නිලධාරීන් රැසක්ම වාහනය ශ‍්‍රි රංගා විසින් නොපැදවූ බව සනාථ කිරීමට සාක්‍ෂි සකස්කර ඇති බවද අනාවරණය වී තිබේ.

ශී‍්‍ර රංගා වාහනය පදවන ලද බවට සාක්‍ෂි රැසක් මේ වන විට පොලිසියට ලැබී ඇත. ශ‍්‍රි රංගාගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී ඔහු සදහන්කර ඇත්තේ තමන් වාහනය නොපැදවූ බවය.

Share on Google Plus

0 comments:

Post a Comment