ජනපති රෝහල් ගත කෙරේ : CID යට බාල්දියක්.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට කොළඹ ආසිරි රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු අප වෙත පවසා සිටියේ එය එතරම් බරපතල රෝගී තත්වයක් නොවන බවත් සෙම්ප්‍රතික්ෂාව සහ තවත් සුළු රෝගී තත්වයන්ගෙන් ජනාධිපතිවරයා දින කිහිපයක සිට පෙලෙන බවත්ය.

එසේම ජනාධිපතිවරයා නොකඩමවාම රාජකාරි කටයුතු වල නියැලී සිටි නිසා මීට පෙරදීම ඉදිරි 29 දක්වා ඇති වැඩ කටයුතු කලින් කල් දමා තිබූ බවද ඔහු පැවසීය. එසේම රෝහල්ගතව සිටියදී මුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු කටයුතු සම්න්ධීකරණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති නිළ වෙබ් අඩවියට (president.gov.lk) ඊයේ දිනයේ අනවසරයෙන් පිවිසි වෙබ් අඩවි හැකර් කණ්ඩායම පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසමත්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ඊයේ රාත්‍රී අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබිණ.

හැකරුන් විසින් ජනාධිපති වෙබ් අඩවිය අල්ලාගෙන එහි නිවේදනය කර තිබුනේ තමන් බංගලාදේශ හැකර්වරුන් පිරිසක් බවත් ජනාධිපති වෙබ් අඩවිය අත්පත් කර ගත් බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට එම වෙබ් අඩවියේ පාලනය මෙරට බලධාරීන් විසින් අත්පත් කරගෙන ඇති අතර යථා තත්වයට පත් කර ඇත.

මේ සම්බන්දයෙන් කල විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මෙම හැකර් ප්‍රහාරයට අදාළ විමර්ශන දැනටමත් ආරම්භකර ඇති බවයි. සැකකටයුතු මුලාශ්‍ර තුනක් මේවනවිට හඳුනා ගෙන ඇති බවත් ඔහු කීය.

Share on Google Plus

0 comments:

Post a Comment