රංගෙබණ්ඩාර පහර දී තරුණයෙක් රෝහලේ.


ඊයේ (12) රාත්‍රී 12.30ට පමණ පල්ලම නගරයට ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රං‍‍ගේ බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන තරුණයෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක්වූ බව කියන පල්ලම පාසල පාර පදිංචිකරුවෙකු වන ගුණසිංහ හේරත් මුදියන්සේලාගේ තුසිත මධුසංඛ නම් වයම අවුරුදු 22ක් වන මෙම තරුණයා හලාවත මහා රෝහලේ 7 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

තමන් නිල රථයෙන් ගමන් කරමින් සිටින විට මෙම තරුණයා බීමත්ව මාර්ගය හරහා ගමන් කළ බවත් තමන්ගේ ආරක්ෂක නිලධාරීන් මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් පවසමින්  රාජ්‍යය අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් මොහුව පල්ලම පොලීසියට බාර දී ඇත. 

මෙම තරුණයා බීමතින් සිටියාද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කළ බව පල්ලම පොලීසිය සඳහන් කරන අතර රෝහල් ගත කර ඇති තරුණයා ප්‍රකාශ කරන්නේ තමා බීමතින් නොසිටි බවත් පුද්ගලික හේතුවක් නිසා රාජ්‍ය අමාත්‍යයවරයා විසින් තමන්ට පහරදීම සිදු කළ බවත්ය.

Share on Google Plus