STF මුල් පුටුව ලතීෆ්ට : Update


(Update)පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ව පත්කර ඇති බව අද (18)ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ දැනට දරන බඳවා ගැනීම්,පුහුණු හා ජාත්‍යන්තර සම්බන්ධතා බාර තනතුරට අමතරවයි.

පොලිස් කොමිසම අදාළ පත්කිරීම සඳහා නිර්දේශ කරන ලද්දේ අගෝස්තු 9 වෙනිදා සිට වන අතර එය පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් පසුගිය දා  ඇතිව තිබුණා.
--------------------------------------------------------------------

පොලිස්පතිවරයා විසින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ රැස් වී තීරණය කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කියා සිටියේ  පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයා පත්කිරීම සම්බන්ධයෙන් කොමිසම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම පසුගියදා නිර්දේශ කරන ලදී.

අගෝස්තු මස 09 වන දින සිට අදාළ පත් කිරීම සිදුකිරීමට නියමිතව තිබුණද මෙතෙක් පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබදව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති අතර අද දිනයේ පැවැත්වෙන රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී තීරණයක් ගන්නා බව ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment