Pokemon Go චරිතයකට ස්ත්‍රී දූෂණ චෝදනාවක්..!


Pokemon Go මේ වනවිට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් ජංගම දුරකතන ක්‍රීඩාවකි. Pokemon Go ජංගම දුරකතනය භාවිතයෙන් කළහැකි ක්‍රීඩාවක් වුවද, එහි සඳහන් වන චරිතයකට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලවී තිබෙනවා. ඒ Pokemon Go ක්‍රීඩාවේ යෙදෙමින් නින්දටගිය කාන්තාවකගෙන්.

ඇය රුසියාවේ මොස්කව් නුවර නිවාස සංකීර්ණයක ජීවත්වන්නියක්. විවාහක කාන්තාවක් වන ඇය පැමිණිළිකර ඇත්තේ තමා Pokemon Go ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදීම නින්ද ගිය බවත්, උදෑසන අවදිවනවිට Pokemon Goහි චරිතයක් තම ඇඳෙහි සිටි බවත්ය. එම චරිතය විසින් තමා දූෂණයකොට ඇති බවයි ඇය පවසා ඇත්තේ. ඇය මානසික උපදේශනයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

මෙම කාන්තාව Pokemon Go ක්‍රීඩාවේ දිගින් දිගටම නියැලීම නිසා මෙවන් මානසික තත්ත්වයන් ඇතිවන්නට ඇති බවයි මානසික උපදේශකයින්ගේ අදහස වී ඇත්තෙ.

Share on Google Plus

0 comments:

Post a Comment