ත්‍රිකුණාමල සංවර්ධනය ගැන අගමැති කියයි.


ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඉදිකිරීම සඳහා ඉන්දීය ආයෝජකයන් සමග සාකච්ඡා අරඹා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉඩම් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ඉන්දීය සමාගම් අතර සාකච්ඡා පැවැත්වෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

"දැනට ත්‍රිකුණාමලය පිළිබඳ සිංගප්පූරුවේ සමාගමකින් සැලැස්මක් සකස් කරගෙන යනවා. පොළොන්නරුව ප්‍රදේශය දිහාත් අපි බලනවා.  වරාය කටයුතුවලට, නැව්වලට, සංචාරක ව්‍යාපාරවලට කලාප වෙන් කළ යුතුයි. තෙල් පිරිපහදුවක් පවත්වන්න කලාප වෙන් කරනවා. මේවා සැලසුම් ආරම්භ කරලා විතරයි, අවසන් කරලා නෑ. නාවික හමුදාව, ගුවන් හමුදාවට ලැබිය යුතු ප්‍ර‘දේශ ඒ විදියටම තියාගන්නයි සැලසුම් සකස් කරන්නේ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment