අගමැති රනිල්ට ‘අද’ සුවිශේෂී දවසක්.


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවු වැනි වරටත් අගමැති ධූරයේ දිවුරුම් දී අදට (21) වසරක් සපිරෙනවා.

2015 අගෝස්තු 17 වැනි දින පැවැත් වුණු මහ මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂය ජන්ද 5,098,927ක් ලබා ආසන 106 ක් ලබා ගත් අතර පක්ෂයේ නායකයා වශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදුණු රනිල් වික‍්‍රමසිංහ මහතා මනාප ජන්ද 5,00,566 ක් ලබා ගනු ලැබුවා.

වැඩිම ආසන ගණනක් දිනා ගත් පක්ෂයේ නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ අනුව පත්කරනු ලැබුවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා මුල් වරට අගමැති ලෙස දිව්රුම් දෙනු ලැබුවේ 1993 වසරේ මැයි මස 7දායි.

පසුව 2001 වසරේ සහ 2015 වසරේ දෙවැනි සහ තුන්වැනි වරටත් ඔහු අගමැතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

Share on Google Plus

0 comments:

Post a Comment