අගමැති දුරකතන ක්‍රියාකරුට චීන සංචාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධූරය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකතන ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරයේ මාධ්‍ය සම්බන්ධීකරණය පැවරී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම්. එච්. ඉක්බාල් නමැති මෙම නිලධාරියා මාධ්‍ය පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති අයෙකු බවත් ඔහු සිදුකොට ඇති එකම කාර්යය අගමැතිවරයාගේ ජංගම දුරකථන ක්‍රියාකරු වශයෙන් කටයුතු කිරීම බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

මෙහි ඇති බරපතළම ගැටලුව වන්නේ කිසිදු ජාත්‍යන්තර භාෂාවක් හැසිරවීමට නොදන්නා මෙම පුද්ගලයා අගමැතිවරයාගේ චීන නිල සංචාරයේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කරන්නේ කෙසේද යන්නයි. 

එම නිලධාරියා මේ වනවිට අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කටයුතු කළත්, ඔහුට කිසිදු නිශ්චිත කාර්යභාරයක් පැවරී නැතැයි මේ පිළිබඳ කරුණු දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

එමනිසා මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනටමත් විමතිය පළ කොට ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය. 

අග්‍රාමාත්‍යවරයා එළැඹෙන චීන සංචාරයේදී එරට බලධාරීන් සමග රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

-Asian Mirror

Share on Google Plus