රතු වරෙන්තු ලද නාමල්ගේ ඉරේෂා මෙන්න - මහින්දගෙන් ඇමතුම් පිට ඇමතුම්!


ඉන්ටපොල් වරෙන්තු නිකුත් කරන ලද එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක් වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා නමැත්තියගේ සේයාරූවක් 'ලංකා ඊ නිව්ස්' විසින් ප්‍රකාශයට පත්කර ඇත.

සේයාරුවේ ඇයගේ දෙපසින් සිටින්නේ ඇයගේ සොහොයුරන් වන බෘෘනෝ සිල්වා සහ එන්රිකෝ සිල්වා දෙදෙනා ය.

නාමල් රාජපක්ෂ මහතා නීතිඥයකු ලෙස දිව්රුම් දා ඔරනෙල්ලා ද නීතිඥවරියක ලෙස දිව්රුම් දී ඇත. එම සේයාරුව තෙවැන්න ලෙස දැක්වේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිමිකාරිත්වය දරන එන්.ආර්.කන්සල්ටන්සි සමාගමේ අධ්‍යක්ෂකවරියක් වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා නමැත්තිය අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කළේය.

නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන ඇය අධිකරණය මගහැර ඩුබායි හරහා විදෙස්ගතව සැගවී සිටියි.

මේ අතර ඇය සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ 'සයිකෝ' නමැති තරුණයකු පිලිබන්දව පොලිසියේ අවධානය යොමුව ඇත.

එසේම ඇයට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතන ඇමතුම් පිට ඇමතුම් ලබා දෙමින් තමාව වහාම අමතන ලෙස පණිවිඩ යවා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ වන විට අබුඩාබි නගරයේ ෂේක් වරයෙකුට අයත් ජාත්‍යන්තර සමාගමක නීති කලමණාකාරියක ලෙස කටයුතු කරන ඔරනෙල්ලා කෙසේ හෝ එකගතාවයකට පත්කරගෙන ලංකාවට ගෙන්වා ගන්නා ලෙස නාමල් තම පියාට මෙන්ම මිතුරන්ටද රිමාන්ඩ් භාරයේ සිට උපදෙස් දී තිබේ.

එසේ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය ඔරනෙල්ලා ඉරේෂාගේ පස්සෙන් පන්නන්නේ ඇය සතුව රාජපක්ෂ පවුලේ සංවේදී තොරතුරු රාශියක් තිබෙන බැවිනි. ඔරනෙල්ලා විසින් රාජපක්ෂවරුන්ට අයත් ඩොලර් මිලියන 400ක වත්කම් ප්‍රමාණයක් විවිධ ගිණුම් ඔස්සේ විවිධ රටවලට මාරු කර යවා ඇත. මින් වැඩි හරියක් ඇය යවා තිබෙන්නේ සීෂේල්ස් රාජ්‍ය වෙත බව කියැවේ.

මුලදී ඇයගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති නාමල්ගේ සමීපතම මිතුරන් ඇයට තර්ජනය කර ඇත්තේ කිසියම් හෝ තොරතුරක් හෙලිකර සිටිය හොත් ඇය හෝ ඇගේ සහෝදරයන් දෙදෙනා මරා දමන බවයි. නමුත් අවසානයේ සැලසුම වෙනස් කරමින් ඇයව මිතුරු කර ගැනීමට නාමල් යොදවාගෙන තිබෙන්නේ තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂවය. ඊයේ සහ පෙරේදා දෙදින පුරා ඇයගේ ජංගම දුරකතනයට අමතා ඇති මහින්ද රාජපක්ෂ මහතා ඊට ඈ ප්‍රතිචාර නොදැක්වූ විට SMS පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ බය නැතුව ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් ඇගේ ආරක්ෂාව පිළිබඳව තමා සහතික වන බවත්ය.

එම  SMS පණිවිඩය ලද විගස ඔරනෙල්ලා සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට සිම් කාඩ් පත පවා ගලවා දමා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩි දුරටත් හෙලිකර සිටී.


ඉන්ටපෝල් වරෙන්තුවක් නිකුත් කර ඇති තත්වයක් යටතේ ඇයට තවදුරටත් අබුඩාබි ෂේක් වරයාගේ සමාගමේ සේවය කිරීමට අපහසු වී ඇති අතර ඇය මේ වන විට බටහිර රටවල් කීපයක තානාපති අංශ සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ එම රටක් කරා ගොස් දේශපාලන රැකවරණ ලබා ගැනීමටය. එසේ ඇයට දේශපාලන සරණාගත රැකවරණ ලබා දීමට යම් රටක් ඉදිරිපත් වුවහොත් ඇය සතුව ඇති සියළුම තොරතුරු අදාල රටට ලබාදෙන බවට ඔරනෙල්ලා පොරොන්දු වී තිබේ.


Share on Google Plus

0 comments:

Post a Comment