පාද යාත්‍රාවට එන්න කියා ජාතික රූපවාහිනිය සිංදු කියලා.


ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කොළඹට පැමිණෙමින් තිබු පසුගිය 01දා උදැසන ජාතික රුපවාහිනයේ 'අප හා එනු මැන පාද යාත්‍රාවේ...' ගීතය විකාශය වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භවී ඇත.

විශාරද දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන එම ගීතය එදින උදැසන 6.45ට පමණ විකාශය කර ඇත්තේ, දේශාභිමානී ගීතයක් ලෙසය.

එම ගීතය සංගීතවත් කර ඇත්තේ රෝහණ වීරසිංහයන්ය

''මේ මිහිමඩලේ 
සමයේ මල් දම් ගොතනා 
එකමුතු මිනිසුන් වෙසෙනා 
ඒ මල් යායට අප හා එනු මැන 
පාද යාත්‍රාවේ ....’'

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට රූපවාහිනියේ සභාපති රවී ජයවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට ශ්‍රී ලංකා මිරර් වෙබ්අඩවිය උත්සාහ කළ තිබුනද එය අසාර්ථක වී තිබේ.

-SLM

Share on Google Plus