නිපුනි විල්සන් ඇක්ෂන් ෆිල්ම්වලින් ළමා චිත්‍රපටවලට මාරු වුණේ ඇයි..?



  • නිපුනි විල්සන් මේ දවස්වල දුර අෑතක ෂූටින් ගිහිල්ලලු නේද?

ඔව්. අනේ දැන් මම ඉන්නෙ කොළඹින් ගොඩක් අෑත බලංගොඩ කල්තොට. ප්‍රියන්ත සමරකෝන් අයියගෙ 'රන් දෝණි' චිත්‍රපටයෙ මිනෝලි චරිතයට සම්බන්ධ වෙනවා.


  • මෙනාලි කියන්නෙ මොනවගේ චරිතයක්ද?

දුෂ්කර ගමක පාසලක උගන්වන්න එන ගුරුවරියකගේ චරිතයක් මම රඟපානවා.


  • රන්ජා චිත්‍රපටයෙ ටානියාට රඟපාන කාලෙනම් නිපුනි ගොඩක් හිට් වුණා. හැබැයි අවුරුදු ගාණකට පස්සෙනෙ වැඩක් ලැබුණෙ?

රන්ජට පස්සෙ හැමෝම මට කතා කළේ එකම වගේ වැඩවලටනෙ. මං හිතුවෙ මං ආපහු කරන්නෙ ගැමි චරිතයක් කියලා. ඉතින් මගේ වාසනාවටද කොහෙද එහෙම චරිතයක් ලැබුණෙ.


  • ඔය චරිතෙ ලැබෙන්න කලින් වැඩ දෙක තුනක්ම මිස් වුණාද? මිස් කළාද?

නෑ. චන්ද්‍රම් රත්නම් කරන්න හිටිය මූවි එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පාස් වෙලත් වැඩේ වුණේ නෑ. එහෙම වැඩක් මගදි නතර වුණා.


  • ඒ කියන්නෙ නිපුනිගෙ LUCK එක කැරැකුණෙ ප්‍රසන්ත අයියා හින්දද?

මාත් හිතන්නෙ එහෙමයි. නැත්නම් වැඩ දෙක තුනක්ම මිස් වෙලා. ප්‍රියන්ත අයියා මේ වැඩේට කතා කළාම එකපාර කැමැති වුණෙත් ඒකයි.


  • පහුගිය දවස්වල එහෙ මෙහෙ ගමන් ගිය යාළුවො දෙන්නටම එකපාර එක වගේ චරිත ලැබුණා නේද?

කවුද යාළුවා. ඇයි මේ එකපාරම යාළුවො ගැන අහන්නෙ.


  • මං ඇහුවෙ පියුමි හංසමාලිගෙ හොඳම යාළුවා නිපුනි කියලා ආරංචි වුණු හින්දයි?

මං මේ වෙලාවේ පියුමි ගැන කතා කරන්න ඕනෑ කියලා හිතන්නෙ නෑ. මං ෂූටින් පටන් ගත්ත දවසට පස්සෙ පියුමි අලුත් ෆිල්ම් එකක ෂූටින් ගියා. දැන් දෙන්නම බිසී වෙලා ඉන්නෙ.


  • පහුගිය දවස්වල පියුමි එක්ක සෝෂල් මීඩියාවල වැඩ කෑලි දාලා චරිත ටික කොහොම හරි කඩාගත්තා නේද?

අයියෝ නෑ. අපි චරිත ඉල්ලගෙන පස්සෙන් ගිහින් නෑනෙ. අනෙක එෆ්.බී. එකේ අපි යන අඩි පාරේ යන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒත් ඉඳලා හිටලා අපි පොඩි පොඩි ෆන් වැඩත් කරනවා.


  • එහෙම ෆන් වැඩවලට බැනුම් අහන්නම ආසාවෙන්ද කරන්නෙ?

අපි කරන දේවල්වලට බනින්නෙ අපි හිට් නිසානෙ.


  • කවුරුත් කියන්නෙ නිපුනි පියුමිත් එක්ක ඉන්නෙ හිට් හින්දා වෙන්නලු?

මං මොඩ්ල් කරලා වගේම නමක් හදාගෙන මෙතන්ට ආවෙ ඒක බොරු කතාවක්. මං කවුරුත් නමින් හිට් වෙන්නෙ නෑ.


  • ඔය චරිත ලැබෙන්නෙත් නිපුනිලා මේ ජෙනරේෂන් එකේ හිටි හින්දා අධ්‍යක්ෂවරු ඔබෙන් ප්‍රයෝජන ගන්නවද දන්නෙ නෑනේ?

මං ඒක පිළිගන්නෙ නෑ. අනෙක රංගන ශිල්පිනියක් වුණහම ඕනෑ චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. කොටට ඇන්දා කියලා චරිතාංග නිළියක් වෙන්න බැරි නෑනේ.


  • ඔබ නිරූපණ ශිල්පිණියක්. රංගනයට ආවහම ඒ වැඩ ලැබෙන්නෙ නැතිව ගියාවත්ද?

මං තවමත් ආසයි. හැබැයි දැන් වැඩිපුර ආසා රංගනයට. ඉස්සරහටත් එහෙමයි.

-නදීෂ නිර්මාණ හේරත්

Share on Google Plus

0 comments:

Post a Comment