ජනමාධ්‍ය ලේකම් හෙන ගණන්- සුමති සම්මාන මඟහරි.


සුමති සම්මාන උළලේදී රාජ්‍ය නිලධාරියෙකුට ලැබිය යුතු ගෞරවය හා ස්ථානය ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් ඊයේ(18) පැවැත්වෙන සම්මාන උළෙලට සහභාගී නොවී ආපසු යාමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා කටයුතු කර ඇතැයි විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙසේ විරෝධය පෑමට හේතුවී ඇත්තේ සම්මාන උළෙල පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අසුන් ගැනීමට සුදුසු ස්ථානයක් සකස්කර නොමැති වීම හේතුවෙනි. සුමති සම්මාන උළෙල තුළ ජනමාධ්‍යට ඍජු සම්බන්ධයක් තිබීම නිසාම ජනමාධ්‍ය ලේකම්වරයාට සුදුසු ස්ථානයක් වෙන් කළ යුතුව ඇති බව පැමිණ සිටි අයද පෙන්වා දී තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වේ. කෙසේ නමුත් පසුපෙල අසුනක සිට සම්මාන උළෙල නැරඹීම ප්‍රතික්ෂේප කර ඇති ලේකම්වරයා සම්මාන උළෙල ආරම්භ වීමටත් ප්‍රථමයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. 

Share on Google Plus

3 comments:

  1. Replies
    1. bopageta hodatama pissu

      Delete
  2. කරපු වැඩේ හරියටම හරි.

    ReplyDelete