පොලිසීයේ හා හමුදාවේ දෙන්නෙක් ලඟදීම අත්අඩංගුවට.


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළදී තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු සහ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම නිලධාරීන් දෙදෙනා පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද එම තීරණයට අදාළව නීතිපති  දෙපාර්තමේන්තු උපදෙස් ලැබුණු වහාමහ අදාළ අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිත බවද දැනගන්නට ඇත.

තාජුඩීන් ඝාතනයට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකතන ඇමතුම් පිළිබඳව දීර්ඝකාලීන විමර්ශනයන් මේ වනවිට ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබේන අතර එමගින් ඝාතනයේ සුලමුල සොයාගත හැකිවෙතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

ඝාතනය සිදුවූ ප්‍රදේශයෙන් ලබාගත් CCTV දර්ශන ලබන 22වැනි දින විශ්ලේෂණය සඳහා කැනඩාව වෙත යැවෙන අතර එමගින්ද ඝාතකයන් පිළිබඳ නිවැරදි තොරතුරු තවදුරටත් හෙළිවනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි. 

-රාවය

Share on Google Plus

0 comments:

Post a Comment