මෛත්‍රී විශ්‍රාම නොයයි - තවත් වරක් ඉල්ලයි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සුදානම් වන බව වාර්තාවේ.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ලබන සැප්තැම්බර් මස 04 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වැනි සංවත්සරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන්ගේ දැනටමත් කටයුතු කරමින් සිටින බව පැවසේ.

කෙසේවුවද තම ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර නායකයින් හමුවේ පවා සහතිකවී තිබීම නිසා එවැනි යෝජනාවකට ඔහු එකඟකරවා ගැනීම අපහසු බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ අදහසවී ඇත.

කෙසේවුවද ජනාධිපති ධුර කාලයෙන් පසුව තමා දේශපාලනයෙන් සමුගන්න බවක් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා නොමැති හෙයින්, එකී ධුරකාලයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයකදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයක අගමැති අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කල යුතු යයි යෝජනාවක් ගෙන ඒමේ කාලින වැදගත්කම එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ද අනුමත කර ඇතැයි පැවසේ.

-SLM

Share on Google Plus