මහින්ද කොරියාවට : කළු සල්ලි සුදු කිරීමේ මෙහෙයුමක්දැයි සැක.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (04) විදේශ ගතවීමට නියමිතය.

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත සහ ශෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ද රාජපක්ෂ මහතාගේ සංචාරයට එක්වන බව පැවසේ.

දින 6 ක සංචාරයක් සඳහා ඔවුන් අද දකුණු කොරියාව බලා පිටත්ව යයි.

මෙම සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය සමයේ රටවල් කිහිපයකම සංචාරය කල අතර, මේ සංචාරයන්හිදී තමන්ට එරටවල වෙසෙන ආධාරකරුවන් රුපියල් කෝටි ගණනින් ආධාර උපකාර කල බවට ඔහු විසින් කර තිබු ප්‍රකාශ පිළිබඳව සැක පළකර ඇති රාජ්‍ය බුද්ධි අංශ, මෙම සංචාර හරහා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ දැයි දැඩි සෝදිසියකින් සිටින බව වාර්තා වේ.

Share on Google Plus