පාදයාත්‍රාවේ ගිය දරුවෙකු ගැන විමර්ශනයක් (Video)


පසුගිදා පැවති මහින්ද පිලේ පාගමන අවස්ථාවේදී කුඩා දරුවෙකු යොදවා ළමා මණසට නොගැලපෙන ආකාරයේ සටන් පාට කියවීම නිසා එමා දරුවාගේ මණස විකෘත්ති කළ බවටත් එම දරුවා ඉන් අපයෝජනය වී ඇති බවටත් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව ළමා ආරක්ෂණ අධිකාරීය පවසයි.

මෙහිදී ළමා අපයෝජනයක් සිදුවී ඇත්ද නැද්ද යන්න පිළිබඳ කිවහැක්කේ විමර්ශනය කිරීමෙන් පසුව බවත් මේවන විට විමර්ශන ආරම්භ වී ඇති බවත් වෛරය හා ක්‍රෝදය ඉස්මතුවන ආකාරයේ මෙවන් වැඩසටහන් සඳහා දරුවන් යොදාගැනීමෙන් දරුවාගේ මනසට බලපෑමක්, පීඩනයක් සිදුවිය හැකි බවත් එම අධිකාරයිය වැඩිදුරටත් සඳහන් කරයි. 

මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද කුඩා දරු දැරියන්ට ලිංගික අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් සන්ධානයේ පාළාත් පාලන නියෝජිතයන් රැසකට චෝදනා එල්ල වූ අතර බොහෝමයක් පොලිස් අත්අඩංගුවටද පත් විය. එයින් බොහෝ පිරිසක් මේ වනවිටත් මහින්ද පිල නියෝජනයකරමින් කටයුතු කරන අතර තවත් පිරිසක් මෛත්‍රී පිල සමග එක් වී සිටිති.

Share on Google Plus